දේශීය පුවත්

මැතිවරණ කොමිෂන් සභාව සඳහා තෝරාගනු ලැබූ නව සාමාජිකයින් 05 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් පත්කිරීම සිදුකරනු ඇති බවය.

පසුගියදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සමාජිකයින් තෝරා ගැනීම සිදුකර තිබේ.

ඒ අනුව එහි සභාපති ධුරය සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කිරීමට අනුමැතිය ලබාදී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඊට අමතරව කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී පෙරේරා, හිටපු නීතී කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ දීපානී කුමාරජීව, නීතිඥ අමීර් ෆායිස් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය රමේෂ් රාමසාමි යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More