දේශීය පුවත්

රුසියාවේ වැග්නර් පුද්ගලික මිලිටරි සමාගම (පීඑම්සී) එහි “ක්ෂේත්‍ර කඳවුරු” වෙත ආපසු යමින් සිටින බව එහි නායක එව්ගනි ප්‍රිගොෂින් නිවේදනය කර ඇති බව රුසියානු පුවත් වාර්තා පවසයි. ඔහුගේ හමුදාව එක රැයකින් කැරැල්ලක් දියත් කළ අතර, දකුණු නගරයේ රොස්තොව්-ඔන්-ඩොන් හි බහුවිධ හමුදා සහ පරිපාලන ස්ථාන වල පාලනය අල්ලා ගත් අතර මොස්කව් දෙසට ගමන් කිරීමටද කටයුතු සම්පාදනය කළේය.

කැරැල්ල විශාල ලේ වැගිරීමක සීමාවට ළඟා වී ඇති තිබෙන බව පැවසූ එව්ගනි ප්‍රිගොෂින් මොස්කව් බලා යන ගමන නවතා දමා නැවත ඔවුන්ගේ කඳවුරු වෙත පැමිණෙන බව නිවේදනය කරමින් එව්ගනි ප්‍රිගොෂින් අවධාරණය කළ බව රුසියානු පුවත් සේවා පවසයි.

“ඔවුන්ට අවශ්‍ය වූයේ වැග්නර් පෞද්ගලික ආරක්ෂක සේවය විසුරුවා හැරීමටයි. ජූනි 23 වෙනිදා අපි එක දිනයක් ඇතුලත යුක්තිය වෙනුවෙන් පෙළපාලියක් සංවිධානය කළා.කෙටියෙන් කිවහොත් අපි කිලෝමීටර් 200 ක දුරක් මොස්කව් බලා ඉදිරියට ගිය අතර, මේ කාලය තුළ අපි අපගේ සටන්කරුවන්ගේ ලේ බිඳුවක්වත් හෙළුවේ නැහැ. ”එව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, කැරැල්ල අතරතුර,වැග්නර් පුද්ගලික හමුදා කණ්ඩායම රුසියානු ගුවන් යානා කිහිපයක් බිම හෙළමින් රුසියානු හමුදා සමඟ නැවත නැවතත් ගැටුම් ඇති කර ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ, ප්‍රිගොෂින් සමඟ සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව එරට මාධ්‍ය සේවය ප්‍රකාශ කිරීමෙන් සුළු වේලාවකට පසුව ප්‍රිගෝෂින් සිය තීරණය සඳහන් නිවේදනය නිකුත් කළේය. බෙලොරුසියාවේ මින්ස්ක් පරිපාලනයට අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සම්බන්ධීකරණයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි.

“රුසියාවේ වැග්නර්ගේ සන්නද්ධ භටයන්ගේ ගමන නතර කිරීමට සහ නැගී එන ආතතිය පහ කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඉදිරිපත් කළ යෝජනාව එව්ගනි ප්‍රිගොෂින් පිළිගත්තේය” යනුවෙන් බෙලාරුසියානු ජනාධිපති කාර්යාලය නිවේදනයක් මගින් ප්‍රකාශ කළේය. එව්ගනි ප්‍රිගොෂින් හට “වැග්නර් පෞද්ගලික ආරක්ෂක සේවයේ සෙබලුන් සඳහා ආරක්‍ෂක සහතික සමග තත්වය විසඳීම සඳහා වාසිදායක සහ පිළිගත හැකි විකල්පයක්” ඉදිරිපත් කර ඇති බව නිවේදනය වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, වැග්නර් අණ දෙන නිලධාරියා නිකුත් කළ ඔහුගේ නවතම ප්‍රකාශවල ලුකෂෙන්කෝ සමඟ කළ සාකච්ඡා පිළිබඳව සඳහන් කර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More