දේශීය පුවත්

ආණ්ඩුව විසින් විකාශන අධිකාරී පනත නමින් පනතක් ගෙන එනු ලබන්නේ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම සඳහා නොවන බවත්, ආණ්ඩුවේ සැඟවුනු අරමුණු හා ජනතාවට හිතකර නොවන කරුණු හෙළිදරව් කරන මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය ආයතනවල කට වැසීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සමග පැවති සංවාදයක දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මාධ්‍යවේදියා විසින් මෙතෙක් නිදහස් ලෙස ගවේෂණය කරමින් ඉදිරිපත් කළ සත්‍යවාදී පුවත් හා තොරතුරු සමාජගත කිරීමට මෙම පනත මගින් මානසික බාධක පැනවෙන බවයි.

මාධ්‍යවේදියා හා මාධ්‍ය ආයතන මේ හරහා සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට බිය වන බවත්, ආණ්ඩුව පවසන ලෙස මෙරට මාධ්‍යවලට සිතූ සිතූ දේ කිරීමට හැකි වල්බූරු නිදහසක් යුද්ධ කාලයේ දී පවා මෙරට ජනමාධ්‍ය තුළ නොතිබුණු බවත් ඒ මහතා පවසයි.

මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවක් ඕනෑම රටකට අවශ්‍ය බවද, එම නීති පැනවීම සඳහා මෙවැනි මර්ධනකාරී අණපනත් අවශ්‍ය නොවන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

රටක ජනමාධ්‍ය හැසිරෙන්නේ එම රටේ මහා සමාජයේ ස්වභාවය මත බවද, එය දියුණු සමාජයක් නම් ස්වභාවයෙන්ම මධ්‍ය සඳහා ස්වයංවාරණ පැනවෙන බවද, සමාජය පිරිහීමේ දී ජනමාධ්‍යය ද පිරිහෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…  



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More