හෙටින් (26) ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්අප් පණිවුඩයක් මාර්ගයෙන් මෙම දැනුම් දීම කර ඇතැයි පැවසේ.
එසේ වුවද ඒ කුමන කාරණයක් නිසා ද යන්න මැති ඇමතිවරුන්ට මෙතෙක් දැනුම් දී නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද, දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එන බැවින්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස සහ පිටරට නොයන ලෙස දැනුම්දී ඇති බවය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමට ද නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාර ද මේ සතියේ නතර කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ඔවුන්ට දන්වා ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...