දේශීය පුවත්

Wagnor group නමින් හඳුන්වන රුසියාවේ පෞද්ගලික හමුදා සමාගමේ ප්‍රධානියා වන එව්ගෙනි ප්‍රිගොෂින් සන්නද්ධ කැරැල්ලක් දියත් කළ බවට රුසියානු රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ජූනි 23 වනදා රාත්‍රියේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ රුසියානු සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ සභාපති ජෙනරාල් වැලරි ජෙරසිමොව් විසින් ප්‍රිගොෂින් වෙත බරපතල අපරාධ කිරීම සම්බන්ධයෙන් චෝදනා කිරීමෙන් පසුව සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන ලදී.

දකුණු රුසියාවේ ප්‍රධාන නගරයක් වන රොස්තොව්-ඔන්-ඩොන් දෙසට ගමන් කරන ලෙස තමාට පක්ෂපාතී හමුදාවන්ට අණ කළ බව ප්‍රිගොෂින් මාධ්‍ය වෙත කියා සිටියේය. මේ අතර මොස්කව් නගරයේ ආරක්ෂක විධිවිධාන තර කර ඇති බව ද මාධ්‍ය වාර්තා පවසයි.

වැග්නර් පෞද්ගලික මිලිටරි සමාගමේ(Wagnor group PMC) ‘සන්නද්ධ කුමන්ත්‍රණයේ’ සිදුවීම් පෙළ ගැසීම.

2023 ජූනි 24

වේලාව 22:34 GMT
රුසියාවේ ෆෙඩරල් මහා මාර්ග ඒජන්සිය වන Rosavtodor, TASS ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ අවශේෂ මාර්ග සහ මහා මාර්ගවල ගමන් කිරීමට ඇති සියලු සීමාවන් ඉවත් කර ඇති බවයි.

වැග්නර් ප්‍රහාරක යානා අගනුවර දෙසට ගමන් කිරීම ආරම්භ කළ නිසා ඊයේ (24) ප්‍රදේශයේ සමහර මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී.

වේලාව 22:16 GMT
ප්‍රාදේශීය ආණ්ඩුකාර Vasily Golubev පැවසුවේ වැග්නර් රථ පෙළ රොස්තොව්-ඔන්-ඩොන් වෙතින් පිටත්ව ගොස් මේ වන විට වැග්නර් සමාගමේ ක්ෂේත්‍ර කඳවුරු වෙත ආපසු යමින් සිටින බවයි.

වේලාව 21:46 GMT
ක්‍රෙම්ලිනය වැග්නර් සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමේ තොරතුරු මේ වන හෙළිකර තිබේ.රුසියානු රජයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ට අනුව, ප්‍රිගොෂින්ට එරෙහි එල්ල කර ඇති අපරාධ චෝදනා ඉවත් කරගෙන ඇති අතර ඔහු රුසියාවෙන් බෙලරුස් බලා පිටත්ව යාමට නියමිතය. වැග්නර් භටයින්ට එරෙහිව නඩු පවරනු නොලැබෙන අතර, කැරැල්ලට සහභාගී නොවූ වැග්නර් භටයන්ට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අවසර දෙනු ලැබේ.

වේලාව 19:54 GMT
රුසියාවේ දකුණු හමුදා දිස්ත්‍රික්කයේ මූලස්ථානය අසල රොස්තොව්-ඔන්-ඩොන් කවයෙහි ගේට්ටුව අවහිර කර තිබූ  වැග්නර් සමූහයේ යුද ටැංකියක් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වීඩියෝ දර්ශන තහවුරු කරයි.

https://t.me/rt_russian/163290

වේලාව 19:40 GMT
වැග්නර් ආර්ක්ෂක සමාගම යටතේ සේවයේ යෙදී සිටින සෙබළු රුසියාවේ දකුණු හමුදා දිස්ත්‍රික්කයේ රොස්තොව්-ඔන්-ඩොන් හි හමුදා මූලස්ථානයේ පරිශ්‍රයෙන් පිටව යාමට පටන් ගෙන තිබේ. එම ස්ථානයේ ඇති දර්ශනවල දැක්වෙන්නේ සටන්කාමීන් තම බඩු බාහිරාදිය සහ ආයුධ අසුරා ගෙන ඔවුන්ගේ හමුදා රථ වලට ගොඩ වන ආකාරයයි.

වේලාව 17:32 GMT
බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කැරලිකාර රුසියානු වැග්නර් පෞද්ගලික ආරක්ෂක සමාගමේ අණදෙන නිලධාරී එව්ගනි ප්‍රිගොෂින් සමඟ සාකච්ඡා පවත්වා අර්බුදය අවසන් කිරීමට “පරම ප්‍රයෝජනවත් සහ පිළිගත හැකි” මාර්ගයක් ඉදිරිපත් කර ඇත. ලුකාෂෙන්කෝගේ මාධ්‍ය සේවය විසින් මෙම වර්ධනීය තත්වය නිවේදනය කරන ලද අතර, නොසන්සුන් “දිනය පුරා” කළ සාකච්ඡාවලින් පසු ජයග්‍රහණය අත්පත් කර ගෙන ඇත.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීමෙන් සහ සම්බන්ධීකරණයෙන් පසුව මෙම සාකච්ඡා පැවැත්වූ බව ලුකාෂෙන්කෝගේ මාධ්‍ය සේවය සඳහන් කළේය.ඒ අනුව වැග්නර් පෞද්ගලික ආරක්ෂක සමාගමේ මොස්කව් දක්වා යාමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට එව්ගනි ප්‍රිගොෂින් පිළිගෙන ඇති බව ලුකාෂෙන්කෝගේ මාධ්‍ය සේවය වැඩිදුරටත් පැවසීය.

වේලාව 16:38 GMT
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වොෂින්ටනයේ සමීපතම සගයන් සමඟ රුසියාවේ පවතින කැරැල්ල ගැන සාකච්ඡා කර ඇත. “ජනාධිපති බයිඩෙන් අද ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනාක් සමඟද අදහස් හුවමාරු කර ගත්හ. එහිදී එම නායකයින් රුසියාවේ තත්වය පිළිබඳවද සාකච්ඡා කළහ.”එම නායකයන් යුක්රේනයට ඔවුන්ගේ නොසැලෙන සහයෝගය ද තහවුරු කළහ.” ධවල මන්දිරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වේලාව 16:24 GMT
රුසියාවේ දකුණු හමුදා දිස්ත්‍රික්කයේ රොස්තොව්-ඔන්-ඩොන් හි මූලස්ථානයෙන් පිටත වෙඩි තැබීම් කිහිපයක් සිදු වූ බව රුසියානු මාධ්‍ය වාර්තාකර සිටියේය. එම ස්ථානයේ ඇති දර්ශනවල දැක්වෙන්නේ වැග්නර් පෞද්ගලික ආරක්ශක සමාගමේ සෙබලෙකු විසින් ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කරමින් රුසියාවේ විශාලතම ඩිජිටල් සේවා සපයන්නා වන Rostelecom හි ප්‍රාදේශීය කාර්යාලයක දොරටුව අසලදී ප්‍රහාරක රයිෆලයකින් වෙඩි තබන ආකාරයයි.

https://t.me/rt_russian/163237

වේලාව 15 :42 GMT
මොස්කව් හි ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් දියත් කර ඇති බව නගරයේ නගරාධිපති සර්ජි සොබියානින් නිවේදනය කර ඇති අතර පවතින තත්වය “දුෂ්කර” බව එම නිවේදනයෙන් පවසා සිටියි. “අවදානම අවම කිරීම” සඳහා එළඹෙන සඳුදා(26 ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නගරාධිපතිවරයා තම නිවේදනය මගින් වැඩිදුරටත් පැවසීය. සමහර ප්‍රදේශවල මාර්ග ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි බවට අනතුරු අඟවමින් නගරය හරහා ගමන් කිරීම සීමා කරන ලෙස නගරාධිපති සොබියානින් නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

වේලාව 15:27 GMT
මොස්කව් සිට කිලෝමීටර් 114ක් ගිනිකොන දෙසින් පිහිටි රුසියානු නගරයක් වන කොලොම්නාහි ඔකා ගඟ හරහා ඇති ප්‍රධාන පාලමක් බර වාහන වලින් අවහිර කර ඇත. ගිනිකොන දෙසින් රියාසාන් නගරය දෙසට ගමන් කරන විශාල හමුදා කණ්ඩායමක් නගරයේ දැකගත හැකි විය. මේ අතර සත්‍ය ඒවා බවට තහවුරු නොකළ දර්ශන සහිත වීඩියෝ ‘ක්ලිප්” අන්තර්ජාලය පුරා සංසරණය විය.

https://t.me/bazabazon/18902?single



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More