දේශීය පුවත්

2019 වසරේදී රුපියල් බිලියන තුනකට අධික මුදලක් වැයකර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මිලදී ගනු ලැබූ ටැබ් පරිගණක හා ආරෝපණ රාක්ක ඵලදායි අයුරින් භාවිතයට ගෙන නොමැති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා,

“බිලියන 3.4ක් වියදම් කරලා ටැබ් පරිගණක 96,919ක්. ආරෝපිත රාක්ක 2,639ක් මිලදී ගත්තා. 6 – 11 ශ්‍රේණිවලට බෙදා දුන්නා. නමුත් මිලදී ගත්තේ උසස් පෙළ පංතිවල සිසුන්ට. තවත් ටැබ් 3,892ක් රජයේ ආයතන තුනකට දුන්නා. වියදම් කරපු රුපියල් බිලියන 3ම නිශ්කාර්ය වියදමක්.”

තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපන අධ්‍යක්ෂිකා වාසනා එදිරිසූරිය මහත්මිය,

“උ/පෙළ සිසුන්ට තමයි මුළින්ම ටැබ් දෙන්න යෝජනා වුණේ. පසුකාලීනව අමාත්‍ය මණ්ඩල නිර්දේශයක් දැම්මා විශේෂඥ කමිටුවක් පත්කරන්න. කමිටුවෙන් යෝජනා වුණේ 6-11 සිසුන්ට දෙන්න.”

“බෙදන අවස්ථාවවන විට කාලය ඉකුත් වෙලා තිබුණේ නැහැ. දැන් ඒ ටැබ්වල ගැටලු ටිකක් තියෙනවා. අපි බලන්නේ දෙකක් එකතු කරලා හරි එකක් හදාගන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More