දේශීය පුවත්

පසුගිය 21 වැනි දා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට කළ ප්‍රකාශය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා “ලංකා ලීඩ් නිවුස්” වෙත පවසා සිටියේ “අවාසනාවන්ත ලෙස අප වසර ගණනක්ම පැවසූ දෙය නිවැරැදි” බවය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටිය කපටි උපදේශකයො වගේම ඊටත් වැඩිය කපටි උපදේශකයින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිටියෙ. මෛත්‍රීපාල මහතාට 2015 ඉඳල කොලේ වහල තිබුන හමුදාවට විරුද්ධව යුද අපරාධ චෝදනා නෑ කියල. 2017 දි එතුමට ලිඛිතව දුන්නත් එතුමගෙ හිසටම දැනෙන ලෙස ඇනලා කියනකම් එතුමට වැටහුනේ නෑ එතුමගෙ කේවට්ටයින් එතුමව රවටල කියල.

ඊට පසුව එතුම යම් යම් පිළියම් යෙදුව. නමුත් ඒ වෙනකොට සියල්ල වැටලීම සඳහා විජේදාස රාජපක්ෂයන් විසින් ඉදිරිපත්කර නීති සියල්ල පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඉවරයි. අවසාන ක්‍රියාත්මක කිරීම විතරයි එතුමට වළක්වා ගත හැකිවුණේ. නමුත් එතුම එතනින් නැවතුනා. අපිටත් වැරදුනේ ගෝඨාභය ඒ නවත්වපු තැනින් ඉදිරියට රැගෙන යයි කියල අපි හිතුව එකයි. එතුමට ඒ සඳහා ඕනෑවටත් වැඩිය හැකියාව සහ කාළය තිබුනා. නමුත් රටේ අවාසනාවට එතුමටත් කේවට්ටාචාරීන්ගේ ගැටයට අහුවෙන්න සිදුවුනා. මහා නීති විශාරදතුමා තමයි මෙහිදි හොඳටම කරේ. එතුම සිරිසේන මහත්තයගෙ කේවට්ඨාචාරීන් සිරිසේන මහත්තයට දුන්න ලණුවට වැඩිය දරුණු ලණුවක් ගෝඨාභය මහත්තයට දුන්න. ඒ තමයි “චෝදනා බැහැර කරන්න යෑමෙන් එම චෝදනා කරපු ආයතන පිළිගැනීමක් වේ. එබැවින් මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව ‘එන්ගේජ්’ කරගැනීම සුදුසුවේ” කියල.

දැන් පෙනෙනවනෙ ඒ ‘එන්ගේජ්’ කරගැනිමේ රඟේ. ගෝඨට අනූනමයෙන් දිවි රැකගන්නට පලා යන්න උනා. අරහෙ උතුරෙ වගවිභාගයක් නොමැතිව දැන් පුරාවිද්‍යාස්ථාන විනාශ කරනවා. මහවැලි කලාපෙ ඉඩම් සියල්ල ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට බෙදාගන්න ලිහල දුන්නා. පුරාවිද්‍යා කොමසාරිස්ටත් පුරාවිද්‍යාව පිළිබඳව ඉගෙනගෙන එන්නකියා පලවා හැරියා. පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීම කොමසාරිස්ගෙන් අරන් පාර්ලිමේන්තුවට දුන්නා. ලබ්බට තියපු අත පුහුලටත් තියන බව ඇමතිතුමාටත් මතක්වුනේ එතුමවත් ඇමති තනතුරෙන් අයින්කරන්න කියල ඩයස්පෝරාවෙන් බලපෑම් ආවහම. එතකම් එතුමත් පුරාවිද්‍යා ස්ථාන වල ලිංග තබමින් සංහිඳියා සංසර්ගයේ යෙදුන.

‘එන්ගේජ්’ කරගැනීමේ වන්දිය මොකක්ද කියල අපි මුල ඉඳලම කිව්ව. අපිට කනගාටු අපි ඒ කිව්ව දෙය දැන් සත්‍ය බවට පත්වෙලා තිබීමයි. ඉතිරියත් ඉදිරියට ඒ කිව්ව ලෙසටම සිදුවෙනව. දැන් කරන්න දෙයක් නෑ. රට බේර ගන්නනම් මේ ‘එන්ගේජ්’ ක්‍රමවේදයට වහා නැවතුම තැබිය යුතුයි. ඒ සඳහා යුද අපරාධ චෝදනා ඇති සියළු ආරක්ෂක අංශවල තනතුරු දරන්නන් වහා සේවයෙන් ව්ශ්‍රාම ගැන්විය යුතුයි. ඔවුන්ට තව දුරටත් ඔය කියන ‘එන්ගේජ්’ ක්‍රමවේදයට දායක වීමට ඇති ඉඩකඩ සියල්ල ඇහිරිය යුතුයි. 30/1 කේ චෝදනා නිශේධනය නැවත වෙනත් වටයකින් බලගැන්විය යුතුයි. ඔය කියන “චෝදනා ගබඩාවට” රජය පහර දිය යුතුයි. ඒ සඳහා ඔය ඉන්න ඔලමොට්ටල උපදේශකයින්ට නොහැකි බැවින් සුදුසු නව බලඇණියක් පත්කළ යුතුයි. නමුත් අවාසනාවට ඒ දේ සිදුවෙන්නෙ නෑ. දැන් චෝදනා පිළිගත්ත අයත් චූදිතයිනුත් එකම පිළක ඉන්න බැවින් බොහොම දුරට “මැච් ෆික්සිං” එකකට තමයි යන්නෙ. වැටයි නියරයි දෙකම ගොයම් කෑමක් තියෙන්නෙ. යුද අපරාධ චෝදනා පෙන්වා අත ඇඹරීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදිය යුතුයි”.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More