දේශීය පුවත්

රුසියානු හමුදාවට එරෙහිව දියත් කර ඇති රුසියාවේ පෞද්ගලික හමුදා සමාගමක් වන වැග්නර් බල ඇණියේ “කැරැල්ල” නතර කරන ලෙස රුසියානු ඒකාබද්ධ හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජි සුරෝවිකින් ඊයේ(23) එම සටන්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

සමාජ මාධ්‍යවලට නිකුත් කරන ලද කෙටි වීඩියෝ පණිවිඩයක් මගින් සුරොවිකින් කියා සිටියේ යුක්රේන ප්‍රහාරයට එරෙහිව රුසියානු හමුදා තම භූමියේ වාඩිලා සිටින පෙරමුණෙන් තමා ඊට සුළු මොහොතකට පෙර ආපසු පැමිණි බවයි.

“මම වැග්නර් පෞද්ගලික හමුදාවේ සටන්කරුවන්ට සහ අණ දෙන නිලධාරීන්ට ආයාචනා කරනවා.අපි එකට දුෂ්කර මාවතක ගමන් කළා. අපි එකට සටන් කළා, එකට අවදානම් ගත්තා, එකට පරාජය වුණා, එකට දිනුවා. අපේ ශරීර තුළ දුවන්නේ එකම ලේ. අපි රණවිරුවෝ. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ දියත් කර ඇති “කැරැල්ල” නතර කරන ලෙසයි. සතුරා අභ්‍යන්තර දේශපාලන තත්ත්වය තවත් නරක අතට හැරෙන තෙක් බලා සිටිනවා. අපේ රට වෙනුවෙන් මේ දුෂ්කර වකවානුවේදී අපි සතුරාගේ අතට අපේ රට පත්වන ආකාරයේ ක්‍රීඩාවක යෙදීම නොකළ යුතුයි.” සුරෝවිකින් තවමත් ඔහුගේ තෙහෙට්ටුව රැඳුනු මුහුණෙන් යුතුව අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේය.
https://rumble.com/v2w2lk4-deputy-commander-of-russian-joint-forces-sends-message-to-wagner-pmc.html

නීත්‍යානුකූලව තේරී පත් වූ රුසියානු බලධාරීන්ට යටත් වන ලෙස ඔහු වැග්නර් භටයන්ගෙන් ඉල්ලා සිටිමින් අවධාරණය කළේ “ප්‍රමාද වීමට පෙර” ඔවුන්ගේ බැරැක්ක වෙත ආපසු ගොස් ඔවුන්ගේ දුක්ගැනවිලි සාමකාමීව විසඳා ගැනීමට මැදිහත් වන ලෙසයි.

ඊයේ (23) උදෑසනදී , වැග්නර් ප්‍රධානී එව්ගනි ප්‍රිගොෂින්  රුසියානු හමුදාව රොකට් ප්‍රහාරයකින් සමාගමේ ක්ෂේත්‍ර කඳවුරුවලින් එකක් ඉලක්ක කර “බොහෝ සටන්කරුවන්” මරා දැමූ බවට චෝදනා කළේය. එලෙසම මොස්කව් වෙත පා ගමනින් ගොස් වගකිවයුත්තන් සමඟ ගනු දෙනුව බේරා ගන්නා බවට සහ රුසියානු හමුදාවට අනතුරු අඟවන බවද ශපත කළේය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ප්‍රිගොෂින් ගේ චෝදනා “සත්‍යයෙන් තොර එකක් වන අතරම කාලානුරූප නොවන” සහ “එම ප්‍රකාශ රුසියානු හමුදාව ප්‍රකෝප කිරීමක්” බවයි. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ට අනුව, ප්‍රිගොෂින් සහ වැග්නර් සම්බන්ධ තත්ත්වය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දැනුවත් කර ඇති අතර මේ වන විටත් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය ඊයේ(23) නිවේදනය කළේ, “සන්නද්ධ කැරැල්ලක් සඳහා කැඳවුම් කිරීම” සම්බන්ධයෙන් ප්‍රිගොෂින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.රුසියානු නීතිය අනුව එවැනි වරදකට වසර 12 සිට 20 දක්වා කාලයක් සිරදඬුවම් ලැබිය හැකිය.

2022 ඔක්තෝම්බර් මාසයේදී යුක්රේනයේ රුසියාව දියත් කර ඇති මෙහෙයුම භාරව කටයුතු කළ ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු වන සුරොවිකින්, කෙර්සන් කලාපයේ තීරණාත්මක නැවත ස්ථානගත කිරීම්ද අධීක්ෂණය කළේය. මෙම වසරේ ජනවාරි මාසයේදී ඔහු රුසියානු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ වත්මන් මෙහෙයුමේ අණ දෙන නිලධාරියා වන ජෙනරාල් වැලරි ජෙරසිමොව්ගේ නියෝජ්‍ය නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More