දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දැනට සිටින මන්ත්‍රී බහුතරය ඉදිරි ජාතික මැතිවරණය තෙක් රැකගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට එම පක්ෂයේ ප්‍රධාන නායකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් කිහිප දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහුට පක්ෂව පොදුජන පෙරමුණු මන්ත්‍රී පිරිසක් සිටින බවට පෙනෙන්නට ඇති බවද, ඔවුන් එක්සත් ජාතික පක්ෂය හා එක්වීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවද පක්ෂයේ ප්‍රධාන නායකයන් පෙන්වා දී ඇත.

රොෂාන් රණසිංහ, නිමල් ලන්සා, අනුර යාපා ඇතුළු පිරිසක් මේ වන විටත් පක්ෂයෙන් ස්වාධීනව කටයුතු කරන අතර ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම ඇතුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති විය යුතු බව පවසමින් ප්‍රකාශ නිකුත් කරන නිසා එම පිරිස රනිල් වික්‍රමසිංහ සමග එකතු වනු ඇති බවට පොදුජන පෙරමුණු නායකත්වයට සැකයක් ඇති වී ඇතැයි පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More