මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකායෙ හිටපු සෙබළකු වන සසිඳු සඳමිණි මෙන්ඩිස් (24) නැමැත්තා බවත් ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නැමැත්තාගේ වෙඩිකරුවකු බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇති අතර ඇඹිලිපිටිය වැලිකඩ ප්‍රදේශයේ සිය සොහොයුරාගේ නිවසේ සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය ට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව භට කණ්ඩායමක් අද අලුයම 3.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එස්.ටී.එෆ් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවත් වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...