දේශීය පුවත්

රජය යෝජනා කර ඇති ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට එරෙහිව ඊයේ(23) දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත විය.

විරෝධතාකරුවන් පවසන්නේ, දිළිඳු ජනතාව වෙනුවට සිය ප්‍රදේශවල පදිංචි නුසුදුස්සන් ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීම ඉතා අසාධාරණ තත්ත්වයක් බවය.

මේ යටතේ සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍යධාර ලබාදීමට නියමිත අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද අදාළ දීමනා ලබාදීමට සැලසුම් කර තිබේ.

පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීමේ එක් පියවරක් ලෙස ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන රජය විසින් ආරම්භ කරනු ලැබූවද රටේ දිළිඳු ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වෙනුවට නුසුදුස්සන් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා ඇති බවයි ජනතාව පෙන්වා දෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More