වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද ඉහළ ගොස් ඇති අතර කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පිහිටි පොළ සහ අලෙවිසැල්වල එළවළු සිල්ලර මිල ද මීට සමගාමීව ඉහළ ගොස් තිබේ.
දඹුල්ල වෙළෙඳපළේ එළවළු තොග මිල ඊයේ (23 දා) සියයට සියයකින් පමණ ඉහළ ගිය බව වාර්තා වේ.
තොග සැපයුම කිලෝ ලක්ෂ 08ක් පමණ වූ බවත්, තොග ගැනුම්කරුවන්ගේ පැමිණීමද පහළ ගොස් ඇති බවත් සඳහන් ය.
එළවළු ඉල්ලුම ඉහළ ගොස් තිබෙන අතර වගාවෙන් ගොවීන් ඉවත්වීම තොග වෙළෙඳපළට සැපයුම පහළ යෑමට බෙහෙවින්ම බලපා තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය පවසයි.
උඩරට, පහතරට, ඌව, වයඹ, යාපනය කලාපවලින් දෛනිකව දඹුල්ල තොග වෙළෙඳපළට එළවළු කිලෝ ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර මේ දිනවල එළවළු කිලෝ දස ලක්ෂයට අඩු ප්‍රමාණයක් ලැබෙන බවයි තොග වෙළෙන්දෝ පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...