දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවත්, ඔහුට උදව් කිරීමේ කිසිම ගැටලුවක් නොමැති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“පොහොට්ටුවේ කවුරුත් තාම කියලා නෑ ඊළඟ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා ද නැද්ද කියන ඒක අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. හේතුව තාම ජනාධිපතිවරණයක් නම් කරලා නෑ. ජනාධිපතිවරණයක් නම් කරපු වෙලාවට අපි කියන්නම් අපේ අපේක්ෂකයා කවුද කියලා. එතුමා ගන්න සමහර තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි. හැබැයි රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දු මත රට යම් ස්ථාවර මට්ටමකට රට පත් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා, අපි දන්නේ නෑ එතුමා තාම නිවේදනයක් කරලා නෑ. ජනාධිපතිවරණයක් තියෙනවා නම් එතුමා එනවානම් අපිට කිසිම ගැටලුවක් නැහැ එතුමාට උදව් කරන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More