දේශීය පුවත්

කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව, වාලච්චේන සහ ඕටමාවඩි නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කළේය.

එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලටත් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා එම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

කල්කුඩා පීපල්ස් යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක්ද දමා ගොස් ඇති බවත්, මේ වනවිට ඕටමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල් වසා ඇති බව වාලච්චේන පොලිස් ස්ථානාධිපති ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය,

කැනඩා රජය මගින් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට සිදු කරන අහිතකර බලපෑම්, නතර කරන ලෙසත්, එල්ටීටීඊ ,ඩයස්පෝරාවේ මගින් ශ්‍රී ලංකාවට සිදුකරන විවිධ අඩත්තේටම් සහ බලපෑම් නතර කිරීමට කටයුතු කරන ලෙසත්, ‍ශ්‍රී ලංකාව සියලු ජනතාවට යුද සමයේදී සේම වර්තමානයේදී මානව හිමිකම් ආරක්ෂා කරමින්, සිංහල, දමිල, මුස්ලිම්, ජනතාවට එකසේ සලකන රටක් බවත්, එම පත්‍රිකාවල සඳහන් වන බවද බුද්ධි අංශ සඳහන් කරයි.

– නිමල් ජයරත්න
(ලංකාදීප)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More