පුරවැසි කොලම

න්‍යෂ්ටික අවි, ඒවායේ කාර්යභාරය සහ ඒවායේ භාවිතයේ කොන්දේසි පිළිබඳව රුසියාවේ විශේෂඥයින් අතර ගැඹුරු විවාදයක් මේ වන විට ඇති වී තිබේ.

රුසියාවේ හිටපු ජනාධිපති බොරිස් යෙල්ට්සින් සහ ව්ලැඩිමීර් පුටින් යන රුසියානු ජනාධිපතිවරුන් දෙදෙනාගේම උපදේශකයෙකු ලෙස කටයුතු කළ සර්ජි කරගනොව් මේ වන විට විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරණු ලබයි. රුසියානු බුද්ධිමතෙකු ලෙස ඔහු සුප්‍රසිද්ධ ස්ථානයක් හිමි කරගත්තෙකු වන අතර ඔහු දක්වන මත රුසියානු බුද්ධිමතුන් සහ චින්තකයන් අතර විශේෂ ඇගයීමකට ලක්වේ.

කෙසේ වුවද යුක්‍රේනයේ රුසියාව කරනු ලබන යුද මෙහෙයුම සම්බන්ධයෙන් ඔහු දක්වන මතය රුසියානු චින්තකයන් සහ බුද්ධිමතුන් අතර මේ වන විට විවාදයට බඳුන් වී ඇති තිබේ.

ඔහු දක්වන අදහස අපගේ පාඨකයන්ට ප්‍රයෝජනවත් වනු ඇතැයි ලංකා ලීඩ් වෙබ් කතෲ මණ්ඩලයේ අදහසයි. ඒ අනුව ඔහු දැක්වූ අදහස් සිංහල භාෂාවට පරිවර්තනය කර මෙසේ පල කරමු.

Sergey Karaganov: By using its nuclear weapons, Russia could save humanity from a global catastrophe
පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස

****************************

රුසියාව සහ එහි නායකත්වය දුෂ්කර සංධිස්ථානයකට පැමිණ සිටින බව මගේ තක්සේරුවයි. මේ වන විට යුක්රේනය තුළ රුසියානුවන් විසින් අර්ධ වශයෙන් – තලා දැමූ – ජයග්‍රහණයක් ලබා ගෙන සිටියද බටහිර ජාතීන් සමඟ වන රුසියානුවන්ගේ ගැටුම පහසුවෙන් අවසන් නොවන බව වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී.

මේ වන විට රුසියානු හමුදා Donetsk, Lugansk, Zaporozhye සහ Kherson කලාප සම්පූර්ණයෙන්ම නිදහස් කර ගෙන ඇතත්, එය අවම ජයග්‍රහනයක් බවයි මගේ තක්සේරුව. ඒ අනුව එම අවම ජයග්‍රහනයට වඩා තරමක් විශාල සාර්ථකත්වයක් සහිත ජයග්‍රහනයක් වනුයේ වසරක් හෝ දෙකක් ඇතුළත මුළු නැගෙනහිර සහ දකුණු යුක්‍රේනයම නාසිවාදීන්ගෙන් නිදහස් කර ගැනීමයි. එහෙත් එම ප්‍රදේශ තවමත් යුක්‍රේනයේම කොටසක් ලෙස ඉතිරිව තිබීමෙන් දැනට තිබෙනවාටත් වඩා කෝපයට පත් අන්ත-ජාතිකවාදී ජනගහණයකට ආයුධවලින් පොම්ප කිරීමත් ඒ නිසාම තවත් යුද්ධයක් වැනි නොවැළැක්විය හැකි සංකූලතා වලට මග පෙන්වන ලේ ගැලීම් සහිත තුවාලයක් ඉතිරි කරනු ලබන්නේය.

අපි සමස්ත යුක්රේනයම බිහිසුණු පරිත්‍යාගයන්ගෙන් පිරුනු සටන් වලින් පසු නිදහස් කරගෙන නටබුන් සහ බොහෝ විට අපට වෛර කරන ජනතාවක් පමණක් ඉතිරි කරගතහොත් තත්වය වඩාත් නරක අතට පත් විය හැකිය. එසේම එම ජනයා දරන මතයන් සහ විශ්වාසයන් වෙනස් කිරීමට තවත් දශකයකට වඩා වැඩි කාලයක් ගතවනු ඇත.

රුසියාවට අත්‍යවශ්‍ය වන්නාවූ ඇයගේ අධ්‍යාත්මික, ආර්ථික, මිලිටරි සහ දේශපාලන මධ්‍යස්ථානය යුරෝසියාවේ නැගෙනහර කලාපයට ගෙන යාමේ දැඩි අවශ්‍යතාවය මෙම විකල්පයන්ගෙන් ඕනෑම එකක් විශේෂයෙන්ම අවසාන විකල්පය විසින් දෙදරවා හරිනු ඇත.

රුසියාව බටහිර රටවල් දෙස නාස්තිකාර අවධානයක් යොමු කරමින් සිරවී සිටින්නේය. අද විශේෂයෙන්ම මධ්‍යම සහ බටහිර යුක්රේනයේ භූමි ප්‍රදේශ, මානව හා මූල්‍ය යන දෙඅංශයේම සම්පත් බටහිර ජාතීන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත. සෝවියට් සමයේදී පවා මෙම කලාපවලට සෝවියට් රුසියානු ආණ්ඩුවෙන් විශාල වශයෙන් සහනාධාර ලබා දී තිබුණි.

මීට සමාන්තරව, බටහිරින් එල්ලවන එදිරිවාදිකම් එක දිගටම පැවතීම වැලැක්විය නොහැක. එය සෙමින් නැගී එන ගරිල්ලා සිවිල් යුද්ධයකට අවතීර්ණ වීම දක්වා වර්ධනය වීම වැලැක්විය නොහැක.

වඩාත් ආකර්ශනීය විකල්පයක් වන්නේ නැගෙනහිර යුක්‍රේනය සහ දකුණ යුක්‍රේනයේ මුදා ගැනීම සහ යළි ඒකාබද්ධ කිරීම සහ යුක්රේනයේ ඉතිරිව ඇති සන්න්නද්ධ කොටස් සම්පූර්ණයෙන්ම යටත් කර සම්පූර්ණයෙන්ම නිරායුද කිරීම සහ ඊට සමාන්තරව සම්පූර්ණයෙන්ම ස්වාරක්ෂක මිත්‍රශීලී රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. එහෙත් එබඳු ප්‍රතිඵලයක් අත් පත් කර ගත හැකි වනු ඇත්තේ, කියෙව් ජුන්ටාවට සහාය දැක්වීමේ බටහිර අභිලාෂය බිඳ දමා, යුක්‍රේනය රුසියාවට එරෙහිව යොදා ගනිමින් කටයුතු කරන එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම මූලෝපායික පසුබැසීමකට බලකිරීමට රුසියාවට හැකි නම් පමණි.

මෙහි දී මම තීරණාත්මක නමුත් කිසිසේත් සාකච්ඡා නොකළ ක්ෂේත්‍රයකට අවතීර්ණ වීමට කැමත්තෙමි. යුක්රේන අර්බුදයට මෙන්ම ලෝකයේ තිබෙන අනෙකුත් බොහෝ ගැටුම්වලට සහ මිලිටරි තර්ජන සාමාන්‍යයෙන් වැඩිවීමට මූලික හේතුව හෙවත් ඇත්ත වශයෙන්ම ප්‍රධාන හේතුව වන්නේ සමකාලීන බටහිර පාලක ප්‍රභූවන්ගේ වේගවත් අසාර්ථකත්වයයි.

රුසියාව මුහුණදෙන අර්බූදය සමඟ ලෝක බල තුලනයේ සිදුවන සීඝ්‍ර වෙනසද බැඳී තිබේ. චීනය ලෝක ආර්ථික ක්ෂීත්‍රයේ අත්පත් කර ගෙන ඇති කොටසත් ඉන්දියාව ආර්ථිකමය වශයෙන් ලබාගෙන ඇති ජයග්‍රහනත් එම රටවල් දෙක මිලිටරි හා මූලෝපායික නැංගුරම ලෙස රුසියාව තෝරා ගැනීමත් මෙහිදී අත්වැල් බැඳ ගනී. මෙම දුර්වල වීම සර්ව භෞමික අධිරාජ්‍වාදී ප්‍රභූන් (එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ හිතේෂිවන්තයන්) කෝපයට පත් කරවනවා පමණක් නොව අධිරාජ්‍යවාදී-ජාතික මතය නියෝජනය කරන ප්‍රභූන් (බයිඩන්ගේ පූර්වගාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි) බියට පත් කිරීමටද හේතු වන්නේය. ප්‍රධාන වශයෙන් තිරිසන්කම තුලින් ජනිත වන බලයෙන් තම දේශපාලන හා ආර්ථික ක්‍රමය වෙනත් ජාතීන් මත පටවමින් සහ සංස්කෘතික ආධිපත්‍යය තහවුරු කර ගනිමින් මුළු ලෝකයේම ධනය උදුරා ගැනීමට සියවස් පහක් තිස්සේ පැවති වාසිය මේ වන විට බටහිරයන්ට අහිමි වෙමින් තිබේ. එබැවින් බටහිරයන් විසින් මුදා හරින ලද ආරක්ෂක වේශයෙන් පැමිණෙන ආක්‍රමණශීලී, ගැටුමේ ඉක්මන් අවසානයක් නොමැති බව රුසියාව අවබෝධ කරගත යුතුය.

RT

මෙම සදාචාරාත්මක, දේශපාලන හා ආර්ථික බිඳවැටීම 1960 ගණන්වල මැද භාගයේ සිට පැසවමින් තිබුණු නමුත් සෝවියට් සංගමය බිඳවැටීමෙන් එම පැසවීමට බාධා ඇති වූවා. එහෙත් ක්‍රි ව 2000 ගණන්වල (ඇමරිකානුවන් සහ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ඔවුන්ගේ සහචරයින්ගේ පරාජයන් විසින් අර්බුදය නැවත වටයකින් ආරම්භ වූ අතර ක්‍රි ව 2008 බටහිර ආර්ථික ආකෘතියේ ඇති වන අර්බූදයේ සන්ධිස්ථානය විය).

මෙම බටහිර ආර්ථික ආකෘතියේ සිදුවන කම්පනය විසින් ඇති කරන ගමනේ දිශාව සීරු මාරු කිරීම මන්දගාමී කිරීම සඳහා බටහිර යෝ තාවකාලිකව ඒකාබද්ධ වී සිටිති. නව යටත් විජිතවාදයේ විලංගුවලින් නිදහස් වූ බටහිර නොවන ලෝකයේ දේශපාලන-මිලිටරි “ඉන්ද්‍රකීලය” වන රුසියාවේ දෑත් ගැටගැසීමට එක්සත් ජනපදය යුක්රේනය “පන්ච්” බෑගයක් බවට පත් කර ගෙන ඇත.  ඇත්ත වශයෙන්ම, ඉතා මැනවින්, ඇමරිකානුවන් හුදෙක් රුසියාව පුපුරුවා හැරීමට දැඩි අභිලාශයකින් පසුවන වන අතර එමඟින් නැගී එන විකල්ප සුපිරි බලවතා වන චීනය රැඩිකල් ලෙස දුර්වල කිරීමට අපේක්ෂා කරති. රුසියාව, එක්කෝ ගැටුමේ නොවැළැක්විය හැකි බව නොදැන හෝ රුසියාවේ ශක්තිය රැස්කර ගනිමින්, පූර්වගාමීව ක්‍රියා කිරීමට ප්‍රමාද වී ඇත. එපමණක් නොව, නූතන, ප්‍රධාන වශයෙන් බටහිර, දේශපාලන හා මිලිටරි චින්තනයට අනුකූලව, රුසියාව න්‍යෂ්ටික අවි භාවිතය සඳහා එළිපත්ත හෙළි පෙහෙලි කිරීමට ඉක්මන් විය. එලෙසම රුසියාව යුක්රේනයේ තත්වය තක්සේරු කිරීමේදී සාර්ථක නොවූ අතර යුක්‍රේනයේ වත්මන් හමුදා මෙහෙයුම දියත් කිරීමේදීද රුසියාව සම්පූර්ණයෙන්ම සාර්ථක නොවීය.

බටහිර ප්‍රභූන් වසර 70 ක අභ්‍යන්තරික අසාර්ථකත්වය තුළ ඔවුන් ගොඩ නැගූ සමෘද්ධිය, තෘප්තිය සහ සාමයේ පසෙහි මුල් බැස ගත් වල් පැලෑටි ක්‍රියාකාරීව පෝෂණය කිරීමට කටයුතු කර ඇත. මේවා මානව විරෝධී මතවාද වලින් සමන්විත වේ. ඒවා නම් පවුල, නිජබිම, ඉතිහාසය, පිරිමින් සහ කාන්තාවන් අතර ඇතිවන ආදරය, ආගමික විශ්වාස, උසස් පරමාදර්ශ සඳහා සේවය කිරීම, මනුෂ්‍යත්වය වැනි උසස් මානව ගුනාංග ප්‍රතික්ෂේප කිරීම ආදිය වන්නේය. ඔවුන්ගේ දර්ශනය ඔවුනට විරුද්ධ වන අයව තුරන් කිරීමයි. වඩ වඩාත් පැහැදිලිවම මිනිසාට සහ මනුෂ්‍යත්වයට අයුක්තිසහගත හා හානිකර වෙමින් පවතින නවීන “ගෝලීය” ධනවාදයට එරෙහි වීමේ හැකියාව පහත හෙලීම සඳහා මිනිසුන් වන්ධ්‍යාකරණය කිරීමයි.

මේ අතර, දුර්වල වූ එක්සත් ජනපදය බටහිර යුරෝපය සහ එය මත යැපෙන අනෙකුත් රටවල් විනාශ කරමින් යුක්රේනය අනුගමනය කරන ගැටුමට එම රටවල්ද තල්ලු කිරීමට උත්සාහ කරයි. මෙම රටවල් බොහොමයක ප්‍රභූ පැලැන්තියට ඔවුන්ගේ ගමන් මග අහිමි වී ඇති අතර, දේශීය හා විදේශීය වශයෙන් තමන්ගේම තනතුරුවල හටගෙන ඇති අර්බුදයෙන් භීතියට පත් වී, තම රටවල් සංහාරය කරා විධිමත් ලෙස මෙහෙය වීමට කටයුතු කරති. ඒ අතරම, තමන් අත්විඳිමින් සිටින දැවැන්ත අසාර්ථකත්වය, බලය හීනවනවාය යන හැඟීම, සියවස් ගණනාවක සිට පවතින රුසෝෆෝබියාව, බුද්ධිමය පරිහානිය සහ උපායමාර්ගික සංස්කෘතියක් නැතිවීම හේතුවෙන් ඔවුන්ගේ රුසියාව කෙරෙහි ඇති වෛරය එක්සත් ජනපදය රුසියාව කෙරෙහි ඇති වෛරයට වඩා ඉතා ඉහළ මට්ටමක පවතී.

මේ අනුව, බොහෝ බටහිර රටවල ගමන් මග පැහැදිලිවම නව ෆැසිස්ට්වාදී මාවත දෙසට යොමු වෙමින් පවතින අතර එය “ලිබරල්” ඒකාධිපතිවාදය ලෙස අධ්‍යයනයේ පහසුව තකා නාමකරණය කර ගැනීම සුදුසුය.

මෙම ප්‍රපංචය තුළ ඇති වඩාත්ම වැදගත් කරුණ නම් අනාගතයේදී මෙම තත්වය වඩාත් නරක අතට හැරෙන ලක්ෂණ පැහැදිලිවම පෙනෙන්නට තිබීමයි. සටන් විරාම ලෙහෙසියෙන් ළඟ කර ගත හැකි නමුත් සංහිඳියාව අත්පත් කර ගැනීම එසේ පහසුවෙන් කළ හැකි නොවේ. කෝපය සහ බලාපොරොත්තු සුන්වීම රළ පෙරැළි නගමින් දිගින් දිගටම වර්ධනය වනු ඇත. බටහිර රටවල මෙම ව්‍යායාමයේ දිශානතිය තුන්වන ලෝක සංග්‍රාමය පුපුරා යාම දෙසට තල්ලු කරමින් සිටින බව තහවුරු කරන පැහැදිලි සලකුණකි. එම විනාශකාරි ගමන දැනටමත් ආරම්භ වී ඇති අතර අහම්බෙන් හෝ බටහිර පාලක කවවල වැඩෙන නොහැකියාව සහ වගකීම් විරහිත භාවය හේතුවෙන් පූර්ණ ගිනි ජාලාවක් ලෙස පුපුරා යාමට ඇති ඉඩ කඩ බොහෝ සෙයින් ඉහළය.

RT

කෘතිම බුද්ධිය හඳුන්වාදීම සහ යුද්ධය තුළ කර ඇති රොබෝකරණය යුද උනුසුම අනපේක්ෂිත ලෙස උත්සන්න වීමේ අවදානම වැඩි කරයි. අප තරයේ වටහා ගත යුත්තේ ව්‍යාකූල ප්‍රභූන්ගේ පාලනයෙන් මිදී රොබෝයන්ත්‍රවලට ක්‍රියා කළ හැකි බවයි.

තත්වය “උපායමාර්ගික පරපෝෂිතභාවය” හේතුවෙන් තව තවත් උග්‍ර වී තිබේ. වසර 75 ක සාපේක්ෂ සාමය තුළ මිනිසුන්ට යුද්ධයේ බිහිසුණු බව අමතකව ගොස් ඇත. න්‍යෂ්ටික අවි වලට පවා ඇති බිය පහකර දමා ඇත. ලෝකයේ සෑම අස්සක් මුල්ලකම, විශේෂයෙන් බටහිර රටවල, ස්වයං සංරක්ෂණය සඳහා වූ මිනිසා සතු සහජ බුද්ධිය දුර්වලත්වයට පත් වී ඇත.

මම වසර ගණනාවක් තිස්සේ න්‍යෂ්ටික මූලෝපායේ ඉතිහාසය අධ්‍යයනය කර ඇති අතර කෙනෙකුට අවිද්‍යාත්මක යැයි සිතෙන නමුත්, නිසැක නිගමනයකට පැමිණියෙමි. සර්වබලධාරියාගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූ න්‍යෂ්ටික අවිවල ආගමනය, මිනිස් වර්ගයාගේ එක් පරම්පරාවක් ඇතුළත ලෝක යුද්ධ දෙකක් මුදා හරිමින්, කෝටි ගණනකගේ ජීවිත බිලිගනිමින් යුද්දයේ බියකරු බවට සංවේදී නොවන අයට එම බියකරු බව අපායේ ඇතැයි තුෂ්නිම්භූතකර තහවුරු කරවීමට අර්මගෙදොන් (බයිබලයේ නව ගිවිසුමේ දැක්වෙන විනිශ්චය දවසට පෙර යහපත සහ අයහපත අතර අවසන් සටන.) ආයුධය අපට ලබා දුන්නේය. මිනිසුන් තුළ වන එම බිය මත පසුගිය සියවසේ හතරෙන් තුනකම කාලයක් සාපේක්ෂ සාමයක් රැඳී පැවතුනි.

නමුත් ලෝක ජනයා තුළ වන එම බිය මේ වන විට තුරන්ව ගොස් තිබේ. මේ වන විට න්‍යෂ්ටික නිරෝධනය පිලිබඳ පූර්ව සංකල්පය අනුව සිතාගත නොහැකි දේ සිදුවෙමින් පවතී. පාලක ප්‍රභූන් කන්ඩායමක්, මංමුලා සහගත කෝපයෙන්, දූෂිත, දුරාචාර සහ අශික්ෂිත සිතුවිලි ඇති න්‍යෂ්ටික සුපිරි බලවතෙකුගේ තුරුලේ සිට පූර්ණ පරිමානයේ යුද්ධයක් මුදා හැරීමට කටයුතු කරමින් සිටිති.

පරමාණුක අවි බලය උත්සන්න වීම හේතුවෙන් ලෝක ජනයා තුළ ඇතිවන භීතිය යථා තත්ත්වයට පත් කළ යුතුය. එසේ නොවුවහොත් මනුෂ්‍යත්වය විනාශයෙන් කෙලවර වේ.

එපමණක් නොව, අනාගත ලෝක පර්යාය කෙබඳු වනු ඇත්ද යන්න දැන් යුක්රේනයේ යුද බිම් මත තීරණය වෙමින් පවතී. නමුත් ඒ වෙනුවට “අපට හුරුපුරුදු ලෝකය කිසිසේත්ම ආරක්ෂා වේවිද? එසේ නැතහොත් විකිරණශීලී නටබුන් මනුෂ්‍ය වර්ගයා විනශ නොකරනු ඇතිද?” යන ගැටළු අප හමුවේ මොදු වෙමින් පවතී.

බටහිරයන්ගේ චින්තනය තුල වන ආක්‍රමණශීලීත්වයට ඇති නැඹුරුව බිඳ දැමීමෙන්, රුසියානුවන් වන අපිට අපවම නිදහස්කර ගැනීමටත් අවසානයේ ශත වර්ෂ පහක බටහිර වියගහෙන් ලෝකය නිදහස් කර ගැනීමටත් පමණක් නොව, අපිට මුළු මිනිස් සංහතියම මුදවා ගැනීමටත් හැකියාව තිබේ. බටහිරයන්ව “භාව විශෝධනය” කරවීමට කටයුතු කිරීමෙන් සහ බටහිර රටවල ප්‍රභූන්ගේ ආධිපත්‍යය අත්හැරීමට මග පාදා දීමෙන්, ගෝලීය ව්‍යසනයක් ඇතිවීමට පෙර බටහිර ජාතීන්ට පසුබැසීමට බල කිරීමට අපි කටයුතු කළ යුතුය. එමගින් මානව සංහතියට සංවර්ධනය වීමට නව අවස්ථාවක් ලබා දෙනු ඇත.

යෝජිත විසඳුම

ඇත්ත වශයෙන්ම, ඉදිරියෙහිදි තියුනු අරගලයකට මුහුණ දීමට රුසියාවට සිදුවනු ඇත. ඒ නිසා බටහිර කේන්ද්‍රීය චින්තනයේ සහ පරිපාලන ක්ෂේත්‍රයේ මුල් බැසගෙන ඇති බටහිරවාදී මානසිකත්වයෙන් මිදීම සඳහා රුසියාවට රුසියාව තුලම තිබෙන අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීම ද අවශ්‍ය වේ. විශේෂයෙන්ම බටහිරයන් විසින් නිර්මානය කළ කොම්පදෝරු චින්තන ක්‍රමයෙන් අත් මිදීම විශේෂයෙන් කළ යුතුය. ඇත්ත වශයෙන්ම, මෙම ක්ෂේත්‍රයේදී, නේටෝ සංධානය නොදැනුවත්වම රුසියාවට උපකාර කරමින් සිටින්නේය.

යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් වසර 300 ක් තිස්සේ සිදුවූ රුසියාවේ ගමන් මග රුසියාවට ප්‍රයෝජනවත් පාඩම් රාශියක් උගන්වා ඇති අතර එම ගමන අපගේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය ගොඩනැගීමට රුසියාවට උපකාර කර තිබෙනවා. රුසියාව, රුසියාවේ යුරෝපීය උරුමය අගය කරන්නීය. නමුත් රුසියාවට ආපසු “ගෙදර” යාමට කාලය එළඹ තිබේ. රුසියාව එකතු කරගත් ගමන් මලුවලින් රුසියානුවෙකු මෙන් ජීවත් වීමට පටන් ගැනීමට කාලය එළඹ තිබේ. රුසියානු රජයේ විදේශ අමාත්‍යාංශයේ සිටින අපගේ මිතුරන් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති සංකල්පය තුළ රුසියාව ශිෂ්ඨාචාර රාජ්‍යයක් ලෙස උත්හර්ෂයට නංවමින් සැබෑ ඉදිරි ගමනක් සඳහා මාවත එළි පෙහෙළි කර තිබේ. රුසියානු විදේශ අමාත්‍යාංශය එළි පෙහෙළි කළ මාවත උතුරට මෙන්ම දකුණට, බටහිරට මෙන්ම නැගෙනහිරට ද විවෘත වූ ශිෂ්ටාචාරය තුළ ශිෂ්ටාචාරයක් එකතු කිරීමට මම කටයුතු කරමි. දැන් සංවර්ධනයේ ප්‍රධාන දිශාව දකුණ දිශාවට, උතුර දිශාවට සහ සියල්ලටම වඩා නැගෙනහිර දිශාවට විහිදෙමින් පවතී.

යුක්රේනයේදී කල එළි බැස තිබෙන බටහිර රටවල් රුසියාව සමඟ පවතින ගැටුම කෙසේ අවසන් වුවද, යූරල්, සයිබීරියාව සහ පැසිෆික් සාගරය දෙසට යොමු කර ඇති උපායමාර්ගික අභ්‍යන්තර ව්‍යාපාරය වන අධ්‍යාත්මික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මිලිටරි සහ දේශපාලන මැදිහත් වීමෙන් අපගේ අවධානය වෙනතකට යොමු නොකළ යුතුය.ඒ අනුව අපට නව යූරල්-සයිබීරියානු උපාය මාර්ගයක් අවශ්‍ය බව සක් සුදක් සේ පැහැදිළිය.  සයිබීරියාවේ තුන්වන අගනුවර නිර්මාණය කිරීම ඇතුළුව, ප්‍රබල අධ්‍යාත්මික නඟා සිටුවීමේ ව්‍යාපෘති කිහිපයක් ඒ සඳහා ඇතුළත් කළ යුතුය. මෙම ව්‍යාපාරය “රුසියානු සිහිනය” හෙවත් ලෝකයේ යමෙකු රුසියාවේ අපේක්ෂා කරන ප්‍රතිරූපයේ ඉතා අවශ්‍ය සූත්‍රගත කිරීමේ කොටසක් බවට පත්විය යුතුය.

මම මේ සම්බන්ධයෙන් බොහෝ දේ ලියා ඇති අතරම, මම මේ අධිෂ්ඨානය තුළ තනිවම ගිලී සිටින්නෙකු ද නොවෙමි. විශිෂ්ට අදහසක් නොමැති ශ්‍රේෂ්ඨ රාජ්‍යයන් හුදෙක් අතුරුදහන් වන බව හෝ අවලංගු වන බව සත්‍යකි. එලෙසම ඒවා ඉතිහාසයේ සනිටුහන් වී ඇත්තේ බලය අහිමි වූ සොහොන් වලිනි. මෙම අදහස ඉහළින් නිර්මාණය කළ යුතු අතර, මෝඩයන් හෝ කම්මැලි මිනිසුන් කරන පරිදි, පහළින් එන දේ මත රඳා නොසිටිය යුතුයි. මෙවැනි අදහස් ජනතාවගේ ගැඹුරුම වටිනාකම් සහ අභිලාෂයන්ට අනුරූප විය යුතු අතරම ඒ සියල්ලටත් වඩා, එය අප සියල්ලන්ම එකතුවී මෙම අදහස් ඉදිරියට ගෙන යා යුතුය. කෙසේ වුවද එය සකස් කිරීම රටේ ප්‍රභූන්ගේ සහ නායකත්වයේ වගකීමකි. එවැනි දැක්මක් ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම පිළිගත නොහැකි තරම් දිගු වී තිබේ.

එහෙත් අනාගතය උදා උදා කර ගැනීමට නම් අතීතය එනම් බටහිර බලවේගවල ප්‍රතිරෝධය ජයගත යුතුය. මෙය සාක්ෂාත් කර නොගන්නේ නම්, නිසැකවම පූර්ණ පරිමාණ ලෝක යුද්ධයක් ඇති වනු ඇත. සමහර විට එවැනි ආකාරයේ අවසාන යුද්ධය එයම වනු ඇත.

RT

මේ ලිපියේ දුෂ්කරම පරිච්ඡේදයට මම අවතීර්ණ වෙමි. යුක්‍රේනය නමින් හඳුන්වන ඓතිහාසික උගුල තුල   රුසියාවට තවත් වසරක් දෙකක් හෝ තුනක් හෝ සටන් කරගෙන යා හැකිය. එම කාලය තුළ අපගේ හොඳම මිනිසුන් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින්ද තවත් දහස් ගණනක් අසීමිත කැප කරමින්ද රුසියානු ජාතිය අවාසනාවන්ත දඬු අඬුවකට හසු කළ හැකිය. එහෙත් බටහිරයන්ට උපායමාර්ගික පසුබැසීමකට හෝ යටත්වීමකට පවා බල නොකොට මෙම හමුදා මෙහෙයුම අවසන් කිරීම තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස නම් කළ නොහැක. රුසියාව, බටහිර ජාතීන්ට ඔවුන් ඉතිහාසය ආපසු හැරවීමට දරණ උත්සාහයන් අත්හැර දැමීමටත්, ගෝලීය ආධිපත්‍යය සඳහා දරණ උත්සාහයන් අත්හැරීමටත්, ඔවුන්ගේම වූ ගැටලු සමඟ කටයුතු කිරීමටත්, බටහිර ජාතීන් මුහුණ දෙන වර්තමාන බහුවිධ අර්බුදය කළමනාකරණය කිරීමටත් බටහිර ජාතීන්ට බල කිරීමට රුසියාව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුය. එම බල කිරීම රළු ලෙස පැවසීමට නම්, රුසියාවට සහ ලෝකයේ අනෙකුත් රටවල ගමන් දිශාවන් තීරණය කිරීමට ඔවුන්ගේ එහි මැදිහත්වීම අවසන් කිරීමට කටයුතු කරන ලෙස ඔවුනට නොවලහා පැවසිය යුතුය.

කෙසේ වෙතත්, මෙම තත්වය උදාවීමට නම්, බටහිර ප්‍රභූන් විසින් රුසියාවට එරෙහිව යුක්රේනියානුවන් යොදා ගනිමින් කරන භයානක යුද ක්‍රීඩාව මගින් රුසියාව යටපත් කිරීමට දරන උත්සාහයන් මගින් බටහිර රටවලටම හානිකර ප්‍රතිපල ඇතිවන බව වටහා ගැනීමෙන් ඔවුන්ගේ නැති වූ ස්වයං සංරක්ෂණය පිළිබඳ හැඟීම ඔවුන් විසින්ම නැවත සොයා ගත යුතුය.

න්‍යෂ්ටික අවි භාවිතය සඳහා පනවා ඇති පිළිගත නොහැකි ඉහළ සීමාව පහත හෙලීමෙන් සහ ප්‍රවේශමෙන් නමුත් ඉක්මනින් න්‍යෂ්ටික අවි භාවිතය වැළැක්වීමේ ඉණිමඟ දිගේ ඉහළට ගමන් කිරීමෙන් න්‍යෂ්ටික අවි භාවිතය වැළැක්වීමේ විශ්වසනීයත්වය යථා තත්ත්වයට පත් කළ යුතුය.රුසියානු ජනාධිපති සහ අනෙකුත් රුසියානු නායකයින් විසින් න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන් සහ රුසියානු න්‍යෂ්ටික අවි ප්‍රවාහන රථ බෙලරුසියාවේ සක්‍රිය කරවීමට ආරම්භ කිරීමෙන් සහ උපායමාර්ගික මර්දන බලවේගවල සටන් සඵලතාවය ඉහළ නැංවීමෙන්, මේ සඳහා  පළමු පියවර රුසියාව විසින් දැනටමත් ගෙන ඇත.එහෙත් මෙම ඉණිමඟේ තවත් පියවර කිහිපයක් ඉතිරිව තිබේ. මම දැනටමත් එවැනි පියවරයන් දුසිම් දෙකක් පමණ නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒවාට අනුව, කියෙව් පාලන තන්ත්‍රයට සෘජුව සහාය දෙන රටවල න්‍යෂ්ටික ප්‍රහාර එල්ල විය හැකි ඉලක්ක අසල සිටින ජනයාට තම නිවෙස් හැර යාමේ අවශ්‍යතාවය පිළිබඳව අපගේ සමවැසියන්ට සහ සියලු යහපත් මිනිසුන්ට අනතුරු ඇඟවීම් කළ යුතුය. ගෝලීය තාප න්‍යෂ්ටික යුද්ධයකට ලෝකය ලිස්සා යාම වැළැක්වීම සඳහා එහි වර්තමාන සහ අතීත ආක්‍රමණශීලීත්වයට ප්‍රතිචාර වශයෙන් පූර්වගාමී පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කිරීමට අප සූදානම් බව සතුරාට තද බල ලෙස ඒත්තු ගැන්විය යුතුය.

නිවැරැදි වැළැක්වීමේ උපාය මාර්ගයකින් මෙන්ම ඒවා භාවිතයෙන් රුසියානු භූමියට ‘පළිගැනීමේ’ න්‍යෂ්ටික ප්‍රහාරයක් හෝ වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම අවම කළ හැකි බව මම බොහෝ වාර ගණනක් පවසා ඇතිවාක් පමණක් නොව ඒවා ලේඛනගත කිරීමටද කටයුතු කර ඇත්තෙමි. තම රටවැසියන්ටද වෛර කරන පිස්සෙකු ධවල මන්දිරයේ සිටී නම් පමණක් යුරෝපීයයන්ගේ ‘ආරක්ෂාව’සඳහා පහර දීමටත්, සංකල්පීය අමෙරිකානු හිතවාදී යුරෝපයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් යතාර්ථයේ පවතින යුරෝපය විනාශ කර දැමීමටත් පෙළඹෙනු ඇත. ඇමරිකානුවන් සහ බටහිර යුරෝපීයයන් මේ සම්බන්ධයෙන් හොඳින් දනිති. නමුත් ඔවුන් සම්බන්ධයෙන් වද නොවී සිටීමට කැමැත්තක් දක්වති. රුසියානු නායකයන්ගේ සාමකාමී ප්‍රකාශයන් සමඟ රුසියානුවන්ද මෙම නොසැලකිලිමත්කමට දායක වී ඇත. සෝවියට් සංගමය තමන්ට විශ්වාස කළ හැකි න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර හැකියාවක් අත්පත් කර ගැනීමෙන් පසුව, සෝවියට් භූමිය මත න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනය ප්‍රසිද්ධියේ අවලාද නැගුවද එම ප්‍රකාශ බැරෑරුම් ලෙස සලකා කිසිවිටක ඉදිරිපත් කළ බව එක්සත් ජනපද න්‍යෂ්ටික මූලෝපායේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පසු, මම වටහා ගත්තෙමි. න්‍යෂ්ටික අවි සම්බන්ධ ඉතිහාසය සලකා බැලූ විට, බටහිර යුරෝපයේ “ඉදිරියට” ඇදෙන සෝවියට් හමුදාවන්ට එරෙහිව පමණක් න්‍යෂ්ටික අවි ඔවුන් විසින් යොදා ගන්නා ලද්දාහ.  නැසීගිය ජර්මන් චාන්සලර්වරුන් වන Helmut Kohl සහ Helmut Schmidt යුද අභ්‍යාසයකදී න්‍ය න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ ප්‍රශ්නය මතු වූ වහාම ඔවුන්ගේ බංකරවලින් පලා ගිය බව මම දනිමි.

අපගේ විරුද්ධවාදීන්ට ඔවුන්ගේ විරුද්ධකම් සංවර්ධනය කර ගැනීමට ඉඩ නොදීමේ ඉණිමග දිගේ ඉහළට ගමන් කිරීමේ ක්‍රියාවලිය තරමක් ඉක්මන් විය යුතුය.

බටහිර ජාතීන්ගේ වත්මන් ආර්ථික දේශපාලනික සහ සමාජීය දිශානතිය, ඔවුන්ගේ බොහෝ ප්‍රභූන්ගේ පිරිහීම, ඔවුන්ගේ බොහෝ ප්‍රභූන් විසින් ගන්නා සෑම අනුක්‍රමික තීරණයක්ම පසුගිය කාලයට වඩා අදක්ෂ සහ මතවාදීමය වශයෙන් පිරිහී ඇති බව සක් සුදක් සේ පැහදිලිව විද්‍යාමාන කරන්නේය. එලෙසම, වර්තමානයේ බලයේ සිටින මෙම ප්‍රභූවරුන් වඩා වගකිවයුතු සහ සාධාරණ අය විසින් ප්‍රතිස්ථාපනය කරනු ඇතැයිද අපට අපේක්ෂා කළ නොහැක. මෙවැන්නක් සිදුවනු ඇත්තේ භාව විශෝධනයකින් පසුව පමණක් වන අතර එය බටහිර ජාතීන්ට බොහෝ අභිලාෂයන් අත්හැරීමටද හේතු වේ.

අපට ‘යුක්රේන සංසිද්ධිය’ නැවත නැවතත් මතු කළ නොහැක. නේටෝහි ප්‍රසාරණය යුද්ධයකට තුඩු දෙනු ඇතැයි අප අනතුරු ඇඟවූ විට ශතවර්ෂයකින් කාර්තුවක් තිස්සේ කිසිවෙක් අපට ඇහුම්කන් දුන්නේ නැත. රුසියාව, “සාකච්ඡා කිරීම” ප්‍රමාද කිරීමට උත්සාහ කරමින් කල් මැරුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව බරපතළ සන්නද්ධ ගැටුමකට මුහුණ දුන්නාය. දැන් අවිනිශ්චිතභාවයේ මිළ කලින් තිබුනාට වඩා විශාල ප්‍රමාණයේ අනුපාතයකට ඉහළ නැග ඇත.

නමුත් වත්මන් බටහිර නායකයින් පසුබැසීම ප්‍රතික්ෂේප කරන්නේ නම් රුසියාව කුමක් කළ යුතුද? සමහර විට ඔවුන්ට ආත්මාරක්ෂාව පිළිබඳ හැඟීමක් නැති වී තිබෙන්නට පුළුවන. එවිට සිහිය විකල් වූ අයවළුන් නැවත පියවි සිහියට ගෙන ඒමට රුසියාවට රටවල් ගණනාවක ඉලක්ක සමූහයකට පහර දෙන්න සිදු වේවි.

එය සදාචාරමය වශයෙන් බිය උපදවන තේරීමකි. රුසියාව දෙවියන් වහන්සේගේ ආයුධය භාවිතා කර අධ්‍යාත්මික වශයෙන් විශාල පාඩුවකට රුසියාවම හෙළා ගනු ලබන්නීය. නමුත් මෙය සිදු නොකළහොත්, රුසියාව විනාශ වනවා පමණක් නොව, බොහෝ විට මුළු මහත් මානව ශිෂ්ටාචාරයම ලොවෙන් තුරන් වනු ඇත.

මෙම තේරීම රුසියාවට තමන් විසින්ම තේරීමට සිදුවනු ඇත. අපගේ මිතුරන් සහ හිතවත් අය පවා මුලදී මෙම තීරණයට සහාය නොදක්වනු ඇත. මම චීන ජාතිකයෙක් නම්, ගැටුමේ හදිසි හා තීරණාත්මක අවසානයක් මට අවශ්‍ය නොවනු ඇත. මන්ද එය එක්සත් ජනපද හමුදා ආපසු කැඳවා ගෙන ගොස් තීරණාත්මක සටනක් සඳහා බලවේග රැස් කිරීමට ඔවුන්ට ඉඩ සලසනු ලබන හෙයිනි. එය චීන Sun Tuz සම්ප්‍රදායට අනුව, සෘජුව හෝ වක්‍රව, සතුරා සටනකින් තොරව පසුබැසීමට බල කිරීමකි. න්‍යෂ්ටික අවි භාවිතයට මම චීන ජාතිකයෙකු වන්නේ නම් මමත් විරුද්ධ වෙමි, මක් නිසාද යත් ගැටුම න්‍යෂ්ටික යුද්දයක මට්ටමට ගෙන යාම යනු චීනය තවමත් දුර්වල සිටින ප්‍රදේශයකට තල්ලු කිරීමක් වන හෙයිනි.

එසේම, රුසියාව ගන්නා තීරණාත්මක ක්‍රියාමාර්ග ආර්ථික සාධක (හමුදා බලය සමුච්චය වීමත් සමඟ) මත පදනම්ව   සෘජු ගැටුම් වලට එළඹීමෙන් වැලකී සිටිය යුතුය යන පදනම මත සකසා ඇති චීන විදේශ ප්‍රතිපත්තිය තුළ ඇති දර්ශනයට අනුකූල නොවේ. ‘මම මගේ මිත්‍රයාට පිටුපසින් සිට ආවරණය ලබා දීමෙන් ඔහුට සහාය වන නමුත් ඔහු අවතීර්ණ වී සටනට ම දායකත්වය සපයන්නේ නැත්තෙමි.” (මෙම අවස්ථාවේ දී, සමහර විට මම Sun Tuz දර්ශනය ප්‍රමාණවත් ලෙස වටහාගෙන නොමැති වනවා වන්නට හැකි වන අතර මගේ චීන මිතුරන්ට ඔවුන්ගේම නොවන දර්ශනයක් මම ආරෝපණය කරනවා වීමටද ඉඩ ඇත.) රුසියාව යම් හෙයකින් න්‍යෂ්ටික අවි භාවිතා කරන්නේ නම්, බීජිං එය හෙළා දකිනු ඇත. එහෙත් එක්සත් ජනපදයේ කීර්ති නාමයට සහ ස්ථාවරයට දරුණු පහරක් එල්ල වී ඇති බව දැන ගැනීමෙන් චීන හදවත් ද ප්‍රීති වනු ඇත.

පකිස්තානය ඉන්දියාවට ප්‍රහාර එල්ල කළහොත් හෝ ඉන්දියාව පකිස්ථානයට ප්‍රහාර එල්ල කළහොත් (එය දෙවියන් වහන්සේ තහනම් කරනු ඇත!) අප ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? පළමු කොටම අපි භීතියට පත් වනු ඇත. එලෙසම න්‍යෂ්ටික අවි තහනම බිඳී යාම පිළිබඳව අප කණගාටු වනු ඇත. ඒ අනුව අපි වින්දිතයින්ට උදව් කර අපගේ න්‍යෂ්ටික අවි සම්බන්ධ මූලධර්මයන් ඒ අනුව වෙනස් කරමු.

ඉන්දියාව සහ න්‍යෂ්ටික අවි රාජ්‍යයන් (පකිස්තානය, ඊශ්‍රායලය) ඇතුළු ලෝකයේ බහුතරයක් සිටින අනෙකුත් රටවලට සදාචාරාත්මක සහ භූ මූලෝපායික හේතූන් මත න්‍යෂ්ටික අවි භාවිතය කෙසේවත් පිළිගත නොහැකිය.

ඒවා “සාර්ථකව” භාවිතා කරන්නේ නම්, න්‍යෂ්ටික තහනම සම්බන්ධයෙන් වන ” එවැනි ආයුධ කිසි විටෙකත් භාවිතා නොකළ යුතු අතර ඒවා භාවිතා කිරීම න්‍යෂ්ටික අර්මගෙදොන් වෙත සෘජු මාර්ගයක් විවෘත වනවා.” යන මතයට වට්නාකමක් නැතුව යනු ඇත. ගෝලීය දකුණු ප්‍රදේශයේ පිහිටි රටවල බොහෝ දෙනෙකු තමන්ව කොල්ලකෑ, තම රටවල ජන සංහාර සිදු කර තම සංස්කෘතිය විනාශ කරවන පරගැති සංස්කෘතියක් පැනවූ ඔවුන්ගේ පීඩකයන්ගේ පරාජය ගැන තෘප්තිමත් වුවද, රුසියාවට ඉක්මනින් සහයෝගය ලබාදීමට කටයුතු නොකරනු ඇත.

නමුත් අවසානයේ ජයග්‍රාහකයින් විනිශ්චයට බඳුන් නොකරනු ඇත. එලෙසම ගැලවුම්කරුවන්ට ස්තුතිය පිරිනැමෙනු ඇත. බටහිර යුරෝපීය දේශපාලන සංස්කෘතියට කිසිවක් මතක නැති නමුත් ලෝකයේ සෙසු රටවල් අපි චීන ජාතිකයින්ට ම්ලේච්ඡ ජපන් ආධිපත්‍යයෙන් මිදීමට මෙන්ම වෙනත් බොහෝ බටහිර රටවල යටත් විජිත වියගහෙන් මිදීමට උදව් කළ ආකාරය   කෘතඥපූර්වකව සිහිපත් කරනු ඇත.

ඇත්ත වශයෙන්ම, ඔවුන් මුල් වටයේදීම අපගේ ක්‍රියාවලිය තේරුම් නොගන්නේ නම්, ඔවුන්ට ඔවුන්වම දැනුවත් කිරීමට වඩා වැඩි ඉඩ කඩක් ලැබෙනු ඇත. තත්වය එසේ වුවද, අපට ජයග්‍රහණය කළ හැකි අතර, අන්තගාමී ක්‍රියාමාර්ගයකින් තොරව සතුරු රාජ්‍යයන්ගේ මනස මතුවී ඇති තත්වයේ භයංකාරත්වය දෙසට යොමු කර, ඔවුන්ට පසුබැසීමට බල කළ හැකිය. එලෙසම තවත් වසර කිහිපයක් ගතවූ පසුව, චීනය දැන් අප වෙනුවෙන් ඉටු කරන භූමිකාව මෙන් අපි චීනයේ පසුපස සිට ක්‍රියාත්මක වීමේ තත්වය නිර්මානය වනු ඇත. ඒ චීනය එක්සත් ජනපදය සමඟ ඇති වීමට නියමිත ගැටුම් සන්ධර්භය තුලය. අපගේ එම හැසිරීම චීනයට සහයක් වනු ඇත. ඒ අනුව යුක්‍රේනය සමඟ එළඹී අති මේ සටන දැවැන්ත යුදමය ප්‍රහාරයකින් තොරව මග හැරිය හැකි සටනකි. එලෙසම බටහිර රටවල ජනතාව ඇතුළු සියලු ලෝක ජනයාගේ යහපත වෙනුවෙන් අපි සැවොම එක්ව ජයග්‍රහණය කරනු නියතය.

එම ජයග්‍රහනය සනිටුහන් කිරීමෙන් එළඹෙන මුල් අවස්ථාවෙහිදීම, රුසියාව සහ අනෙකුත් මානව වර්ගයා සියලු කටු අකුල් සහ කම්පන හරහා අනාගතයට ගමන් කරනු ඇත. එය දීප්තිමත් – බහු ධ්‍රැවීය, බහු සංස්කෘතික, බහු-වර්ණ – සහ ලොව පුරා රාජ්‍යන්ට සහ ඒවායෙහි වැසියන්ට ඔවුන්ගේ එක්සත් පොදු ඉරණම ගොඩනගා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More