පසුගිය සමයේ සිංහල මව්වරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ සේවය කළ ෂාෆි ෂිහාබ්දීන් නමැති වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව පරස්පරතාවක් තමන්ද දකින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.
එවකට තමන් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක වරයා වශයෙන් සිටිය දී සිංහල මව්වරුන් විශාල ප්‍රමාණයකගෙන් පැමිණිලි ලැබුන බවත්, තමන් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඒ මහතා පවසයි.
මෙම වෛද්‍යවරයා සම්බන්ධ නඩුව තවමත් ඇසෙමින් පවතින බවද, ඔහුට එරෙහිව සාක්ෂි ලබාදුන් රෝහලේ කාර්යමණ්ඩලය ද සිටින බවද ඔහු සඳහන් කරයි.
තමන් ඉදිරිපත් කළ පැමිණිලිවලට ද මෙම වෛද්‍යවරයා වරද පිළිගෙන ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ඔහු නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් පරස්පරතාවක් තමන් ද දකින බවයි සරත් වීරබණ්ඩාර මහතා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...