ආණ්ඩුව විසින් විවිධ අණ පනත් රාශියක් වරින්වර ගෙන එන බවත් එහෙත් ඒ පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
මෙරට ජනමාධ්‍ය තුළ ද මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් සිදු නොවීම ද කණගාටුවට කරුණක් බවයි ඒ මහතා පවසන්නේ.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
ආණ්ඩුව දූෂණ විරෝධී පනතක් ලෙස තවත් පනතක් ගෙනවිත් ඇති බවද, එය විශ්ලේෂණය කිරීමේ දී පෙනෙන්නේ දූෂණ නැතිකිරීම වෙනුවට දූෂණ වසන්කිරීමට උත්සාහ දරන පණතක් බව යැයි ද ඒ මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මෙම පනතේ සංශෝධන විශාල ප්‍රමාණයක් සිදු විය යුතු බවට දන්වා තිබුන ද එම සංශෝධන නිසි ආකාරයෙන් සිදුවන්නේ දැයි ප්‍රශ්නයක් මතුවන බවත්, මෙම පනත තුළ ද විවිධ මගෝඩි ඇති බව එම සංශෝධන සිදු නොවන තත්ත්වයක් තුළ පැහැදිලි වන බවත්, ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...