දේශීය පුවත්

බස්නාහිර සහ දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 21 ක් මත්ද්‍රව්‍ය ව්‍යාපාර කප්පම් ගැනීම් මුල්කරගෙන ඇති වී තිබෙන ආරවුල් මත එකිනෙකා මරා ගනිමින් සිටින බවත්, මේ නිසා මිනිස් ඝාතන ඇතුළු අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග හෙළිකරයි.

මෙම පාතාල කණ්ඩායම්වලින් 15 ක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන බවද, දකුණු පළාත කේන්ද්‍රකරගෙන පාතාල කල්ලි 06 ක් ක්‍රියාත්මක වන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පාතාල කල්ලි මෙහෙයවන නායකයන් සියලු දෙනා මේ වන විට ඩුබායි සහ ඉන්දියාවේ සිටින අතර තවත් පාතාල නායකයෝ කීප දෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

මෙම පාතාල නායකයන් විදේශගතව සිටියද තවත් පිරිසක් අත්අඩංගුවේ සිටියද ඔවුන්ගේ පාතාල කල්ලිවල සාමාජිකයන් රට පුරා මිනිස් ඝාතන, කප්පම් ගැනීම් හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධ විශාල වශයෙන් සිදුකරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය, හීනටියනේ මහේෂ්, වැල්ලම්පිටියේ ධනුෂ්ක, කඩුවෙල ලලියා, ගොනාකෝවිලේ කුඩු අංජු, කිඹුලාඇළේ ගුණා, දෙමටගොඩ චමින්ද, ජම්පටාවීදියේ පූකුඩුකන්නා, බුම්මා, කංචිපානේ ඉම්රාන්, වැල්ලෙ සුරංග, කුඩු සලිඳු, හරක්කටා, සෙල්ලිගේ පුතුන් දෙදෙනා යන පාතාල මැරයන් විසින් බස්නාහිර පළාත තුළ අපරාධ සිදුකරමින් සිටියි.

කොස්ගොඩ සුජී, රත්ගම විදුර, රත්ගම නඳුන්, මාතර සුපුන්, හරක් කටා යන පාතාල මැරයන් දකුණු පළාත කේන්ද්‍ර කරගත් පාතාල කල්ලි මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More