දේශීය පුවත්

ආණ්ඩුවට රටේ දූෂණය වැළැක්වීමේ උවමනාවක් හෝ හැකියාවක් නොමැති බවත්, තාවකාලිකව හකුලාගත් දූෂණ විරෝධී පනත මගින් සිදු වන්නේ දූෂණ වැළැක්වීම නොව දූෂිතයන් රැකීම බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

වැඩි වශයෙන්ම දූෂණයට ලක්වී ඇති දේශපාලන ක්ෂේත්‍රයේ දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නොමැති බවද, ඡන්ද දායකයාට තමන් කැමැති දේශපාලකයෙකු තෝරා ගැනීමේ අයිතිය පවා නොමැති පසුබිමක් තුළ දේශපාලකයන් පත්කිරීමට මුදල් වියදම් කරන දූෂිත ජාවාරම්කරුවන් ඡන්ද දායකයාගේ අයිතිය උදුරාගෙන ඇති බවද, එවැනි තත්ත්වයන් පවා වෙනස් කිරීමට අවශ්‍යතාවක් නැති ආණ්ඩුව දූෂණ විරෝධී පනත් ගෙන එන බවද ඒ මහතා චෝදනා නගයි.

කල්‍යානන්ද තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් අද(22) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වන දිනයක් පැහැදිලි නැති බවද කථානායකවරයා අත්සන් තැබූ විට බලාත්මක වන පනත් මෙන් මෙම පනත එසේ බලාත්මක නොවන බවද ඒ මහතා පවසයි. මෙය ක්‍රියාත්මක වන්නේ කොටස් වශයෙන් බව හා එය කොටසින් කොටස ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයා විසින් වීම නිසා පනතේ බොහෝ දේ සැඟවීමට ඇමැතිවරයාට හැකි බවද තිරාණගම මහතා පෙන්වා දෙයි.

එසේම දැනට පවතින දූෂණ විරෝධී පනතේ සංයුතිය මත රටේ පිළිගත් ඉහළම නිළධාරීන් තිදෙනෙකු යටතට පත්කර ඇති වැඩකටයුතු, මෙම පනතේ එසේ පිළිගත් නිලධාරීන් යටතට පත්කරනු වෙනුවට සුදුසුකම් රහිත විවිධ පුද්ගලයන්ට පවරා ඇති බවට ද ඒ මහතා චෝදනා නගයි.

මෙම කරුණු සැලකීමේ දී මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ දූෂණ වැළැක්වීම නොව දූෂිතයන් රැක ගැනීම බවයි තිරාණගම මහතා පෙන්වා දෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More