දේශීය පුවත්

ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් ද සමග අත්ලාන්තික් සාගර පතුලට යද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන්ව ඇතැයි විදෙස් මාධ්‍ය හෙළිකරයි. එහෙත් තවමත් සබ්මැරීනය සොයා ගැනීමට හැකි වී නැත.

සබ්මැරීනය පස් දෙනකු සමඟ අතුරුදන් වූයේ පසුගිය 19 වැනිදාය. එදා සිට මේ දක්වා පැය 24 පුරා සබ්මැරීනය සොයා මෙහෙයුම් සිදුවිය. ඒ, ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.

මේ මොහොතේ සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී පිරිස බේරා ගැනීම ගැටලුවක් වනු ඇති බව ද පැවැසෙයි. ඊට හේතුව පීඩනය පිරුණු මුහුදු පතුලට යෑමත් ආපසු ඒමත් අසීරු බැවිනි.

මේ අතර මෙලෙස අතුරුදන්ව ඇති ඕෂන්ගේට් – ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ් පිළිබඳ විවිධ පුවත් රැසක් මේ වනවිට හෙළිවෙමින් පවතී.

ඔහු පිළිබඳව අනාවරණය වී ඇති නවතම පුවත පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

හිතුවක්කාරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ් එම යාත්‍රාව දියත් කරන්නේ මෙම ගමන පිළිබඳව අනතුරු ඇඟවීම් රැසක් නිකුත්ව තිබියදීය.

ඔහු පිළිබඳව අනාවරණය වෙමින් පවතින පුවත් අතරට ඔහුගේ බිරිඳගේ නමද මේ වනවිට ඈඳී අවසන්ය.

විදෙස් මාධ්‍ය සිදුකරන නවතම අනාවරණයන්හි සඳහන් වන්නේ ඔහුගේ බිරිඳගේ මී මිත්තණියක්ද ටයිටැනික් නැව අනතුරට ලක්වූ මොහොතේ එහි සිට ඇත බවය.

නිව්යෝක් නුවර පදිංචිව සිටි යුවළක් ඉසිදෝර් ස්ට්‍රවුස් නමැති පුද්ගලයාගේ බිරිඳ වූ එම කාන්තාව සුපිරි වෙළෙඳසැල් ජාලයක හිමිකාරියකි.

ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ්ගේ බිරිඳ වන වෙන්ඩි රෂ් ද පසුගිය වසර දෙකතුළ කිහිප වතාවක්ම එම යාත්‍රාව හරහා ටයිටැනික් සුන්බුන් ගවේෂණයට එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මේ වනවිට හෙළිදරව් වී ඇත්තේ අදාළ ටයිටන් යාත්‍රාව සඳහා පළමු අත්හදාබැලීම සිදුකිරීමේ පටන් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණු බවය.

ඉන් බරපතළම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ අමෙරිකානු සමුද්‍ර තාක්ෂණ සංගමයයි.

ඔවුන් අදාළ අනතුරු ඇඟවීමේ ලිපිය මගින් ස්ටොක්ටන් රෂ් වෙත දැනුම් දී තිබුණේ ඉදිරියේදී මෙම යාත්‍රාව හරහා සිදුකිරීමට නියමිත ගවේෂණාත්මක චාරිකා හරහා බරපතළ විනාශකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකි බවය.

කෙසේ වෙතත් 2018 වසරේදී බහමාස් දූපත් ආසන්නයේ සිදුකර ඇති පළමු අත්හදා බැලීමේදී සාර්ථක ලෙස ටයිටන් යාත්‍රාව අඩි 4000ක් පමණ ගැඹුරු මුහුදට ගමන්කිරීමට සමත්ව ඇත.

එහි සාර්ථකත්වය සමඟ ස්ටොක්ටන් රෂ් තීරණය කරනු ලබන්නේ මෙම යාත්‍රාව ටයිටැනික් ගවේෂණය සඳහා යොදාගැනීමටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More