දේශීය පුවත්

ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මෙම තනතුරු තවදුරටත් රැඳී සිටීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද සදහන් කළේය.

“ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන අද වැඩබලන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනවා. ඖෂධ මිලදී ගැනීමට මුදල් ගැනීමට හැකියාවක් නැත්නම් එය මේ සභාවට දැනුම් දෙනවා. මේ මුදල සොයාගන්න බැරිනම් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කළොත් එය සමාජයට කරන, සෞඛ්‍ය සේවයට කරන විශාල අඩුපාඩුවක් වෙනවා.එහෙම අඩුපාඩුවක් වුණොත් ඒ වගකීම මට බාරගන්න බැහැ.

ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ බරපතළ ගැටලු තියෙනවා. මිලදී ගැනීම් ක්‍රියාවලියේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණයට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන කනගාටුව පළ කරනවා. අධිකරණ ඇමැතිතුමා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More