අල්ලස පිළිබඳව මෙරට මුලින්ම නීතියක් පැනවුනේ 1888 දී බවත්, එතැන් සිට අල්ලස හා දූෂණය ප්‍රවර්ධනය වෙමින් දිගින් දිගටම පැමිණි බව හා ඒවා වැළැක් වීමටද නීති ගෙන එනු ලැබූ බවත්, එහෙත් ඒ කිසිවක් එතරම් සාර්ථක නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
දූෂණ විරෝධී පනත පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ දී ජයන්ත සමරවීර මහතා පැවසුවේ අද වන විට මෙරට අල්ලස හා දූෂණය ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වා විහිදී ඇති බවයි.
එනිසාම ජාත්‍යන්තර පරිමාවට ගොස් ඇති අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා මෙම පනතේ ප්‍රතිපාදන නොමැති බවද, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මත මෙය සකස් වියයුතු වුවත් මේ සඳහාම ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනවලින් සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් මෙම පනතේ ප්‍රතිපාදන නොමැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම මෙරට අසන්නතම ඉතිහාසයේ දී විධායකයේ අනුදැනුම සහිතව සිදුවූ සීනි බවදු වංචාව හා පොල්තෙල් බදු වංචාව වැනි දූෂණ මගින් රටට නොලැබී ගිය විශාල ධනස්කන්දය නැවත අයකර ගැනීම සඳහා ද මෙහි ප්‍රතිපාදන නොමැති බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...