ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසයි.
සංහිදියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බවත් ඇය දැනුම් දෙයි.
මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙම අදහස් පළ කර තිබේ.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ද මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ.
විරෝධතා නායකයින් අත්අඩංගුවට ගැනීම, විකට සංදර්ශන අතර තුර සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, විරෝධතාවල නිරත වූ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම යන කාරණා පිළිබව ද එම ප්‍රකාශයේ දී අවධානය යොමුකර ඇති බව සඳහන්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව සතුට පළ කළ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය පුරාවිද්‍ය වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද ප්‍රසංශා පළ කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම් කඩිනම් විය යුතු බව පෙන්වා දෙන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම ද මානව හිමිකම් කවුන්සිල 53 වන සැසිවාරය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
කැනඩාව, මලාවී, මොන්ටිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රටේ මැතිවරණ ක්‍රම කෙරෙහි ඡන්ද දායකයින්ගේ විශ්වාසය පවත්වා ගනිමින් කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහතික කිරීම මඟින් ශ්‍රී ලංකාව සිය නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ඔවුන් සිය වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...