ඡන්දය පවත්වා ගැනීම වෙනුවෙන් හර්තාල් කිහිපයකට සූදානම් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයට පමණක් නොව අනෙක් මැතිවරණවලටත් දැන් අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ඔහු සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වන කේ.ඩී. ලාල්කාන්ත මහතා
“ඡන්ද කල්දැමීමෙන් මේ ක්‍රියාමාර්ග තුන නතර කරලා තියෙන්නේ. රට පුරා ම මේ විදිහට දිස්ත්‍රික්කවලට ආසනවලට ගිහින් අපි කියන්න ඕනෑ පාලකයන්ට මේ පෙළගැස්ම හදාගෙන ජාතික අරගලයකට එන බව. එදාට නුඹලාට මේක දාලා යන්න වෙනවා. අපට ඡන්දය තියන්න වෙන්නේ මුන්ව පන්නලා ජනතාවගේ බලයක් යටතේ. ඡන්දය ලබා දීපල්ලා කියලා බලකරන්නත් ඕනෑ. අපේ මේ අයිතිය දෙන්නේ නැතිනම් මුන්ව පන්නලා එහෙම දේකට වුණත් ලැහැස්තියෙන් ජනතාව පෙළගස්වන වැඩසටහනයි මේ කරගෙන යන්නේ.
අධිකරණය එහෙම තීන්දුවක් දී තිබියදී ඒ තීන්දුවට පයින් ගහලා අධිකරණයට අපහාස කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු නොකරන පාලනයක් තිබෙන්නේ. ව්‍යවස්ථාව කඩලා, පළාත් පාලන නීති උල්ලංඝණය කරලා යන මේ ගමන භයානකයි. දින නියමයක් නැතිව සභිකයෝ හිස්කරලා යන ගමන තවත් භයානකයි. මේ කරුණු දෙක විතරක් සැලකිල්ලට ගත්තත්, පාරට බැහැලා සටන් කරලා, අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම අත්‍යවශ්‍යයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...