ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (20දා) ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.

පළමු තරගයට ක්‍රීඩා කළ ලක්‍ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනජංය මෙම තරගයට කැඳවා තිබේ. ඒ හැරෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම වෙසන්කමක් සිදුව නොමැත.

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වෙසන්කම් දෙකක් සිදුව තිබේ. පළමු තරගය ක්‍රීඩා කළ වර්නන් පිලැන්ඩර් හා ටබ්‍රායිස් ෂම්සි මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට ලුන්ග් න්ගිඩි හා තෙනුයිස් ඩි බ්‍රයින් කැඳවා තිබේ. ෂම්මි පෞද්ගලික හේතුවක් මත පළමු තරගයෙන් පසු දකුණු අප්‍රිකාව බලා යළි පිටිත්ව ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More