මුලතිව් ශ්‍රී ශාක්‍ය පුත්‍ර පදනමේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද “අපේ ළමයි ශිෂ්‍යත්ව අරමුදල” මගින් ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව අතුරින් විසිදෙවැන්න, “ආචාර්ය, වෛද්‍ය ගුණදාස අමරසේකර උපහාර ශිෂ්‍යත්වය,” අරිසිමල සේනාසන ධර්මායතන පිරිවෙනේ ඉගෙනුම ලබන පූජ්‍ය ලස්සන ගම සුබෝධවංශ සාමණේර ස්වාමීන් වහන්සේට ප්‍රදානය කර තිබේ.
පූජ්‍ය ලස්සනගම සුබෝධ වංශ සාමණේර ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පනාමුරේ තිලකවංශාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමකි.
නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහ සහ දේශපාලන විචාරක කෘති රාශියක් දැයට දායාද කරමින් රට දැය සමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර මහතාට උපහාර කිරීම පිණිස මේ ශිෂ්‍යත්වය එතුමාගේ නමින් නම් කිරීමට අපේ ළමයි ශිෂ්‍යත්ව පදනම තීරණය කර ඇත.
වසර 93 ඉක්ම වුවද නොයෙක් සමිති සංවිධානවල නිලතල දරමින් තවමත් අමිල ජාතික මෙහෙවරක යෙදෙන සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා සිංහල සාහිත්‍යයේ අනන්‍ය ලකුණ සොයා යෑම වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ප්‍රශංසනීය වේ.
මින් ඉදිරියට වසරක කාලයක් මේ ශිෂ්‍යත්වය සුබෝධ වංශ සාමණේර ස්වාමීන් වහන්සේට ලැබීමට නියමිත අතර දහම් අධ්‍යාපනය ලබා රට දැය සමයට සේවය කිරීමට අවශ්‍ය හැකියාව වර්ධනය කර ගැනීමට උන්වහන්සේට මේ ශිෂ්‍යත්වය රුකුලක් ම වේවායි පතමු.
සාහිත්‍යසූරී ගුණදාස අමරසේකරයන්ට උපහාර පිණිස මේ ශිෂ්‍යත්වය පිරිනමන ලද්දේ කැනඩාවේ, කැල්ගරිහි පදිංචි අරුණ ප්‍රියශාන්ත මහතා ඇතුලු පවුලේ සියලු දෙනා විසිනි.
මේ පිංකම සිදු කිරීමෙන් ජනිත වූ කුසල් ශක්තියේ ආනුභාවයෙන්, පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ලස්සනගම සුබෝධ වංශ සාමණේර ස්වාමින් වහන්සේ ඇතුළු අරිසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතයේ සියලුම ස්වාමීන් වහන්සේටත්, සාහිත්‍ය සූරී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ටත්, රට දැය සමයේ අභිවෘද්ධිය පතා මේ ශිෂ්‍යත්වය පිරිනැමූ අප හිතවත් අරුණ ප්‍රියශාන්ත මහතා ඇතුලු පවුලේ සියලු දෙනාටත්, තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් වේවායි පතමු.
අපේ ළමයි ශිෂ්‍යත්ව අරමුදල
ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනම






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...