දේශීය පුවත්

එංගලන්තයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලයිකා මොබයිල් හිමිකරු වන සුභාෂ්කරන් අලි රාජා මහතා අතර හමුවක් ලන්ඩනයේ හිල්ටන් හෝටලයේදී සිදුව ඇති බව වාර්තා වේ.

එම හමුවට ලයිකා මොබයිල් හි උප සභාපති ප්‍රේම් සිවසාමි මහතා ද එක්ව සිටි බව පැවසේ.

අදාළ හමුව ජනපතිවරයාගේ ඥාතියකුගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවද පැවසෙන අතර, ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින සුභාෂ්කරන් අලි රාජා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස්වල හිමිකාරීත්වය ලබා ගැනීමට සැලැසුම් කරමින් සිටින බවට තොරතුරුද ඉකුත් දිනවල වාර්තා විය.

මේ අතර, ලයිකා මොබයිල් විසින් නඩත්තු කරනු ලබන බව පැවසෙන අතිර්වු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ජනපතිවරයා විසින් සුභාෂ්කරන් මහතාට සියලු දෙමළ සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දුවක් දී ඇති බවයි.

අදාළ වෙබ් අඩවියේ ජනපතිවරයා හා සුභාෂ්කරන් මහතා ගේ හමුවේ ඡායාරූපයක්ද පලකර තිබේ.

මේ අතර, සුභාෂ්කරන් මහතා මෙරට දේශපාලනයට සම්බන්ධවීමට යන බවට ද වාර්තා පැතිර තිබේ.

අතිර්වු වෙබ් අඩවියේ පළ කර ඇති ඡායාරූපය…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More