දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන සිද්ධියකට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නීතිපති උපදෙස් ලැබෙන තෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නාවල විවෘතවිශ්ව විද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි අජ්මාල් සහීර් අබ්දුල්ලා නමැති 23 හැවිරිදි තරුණයෙකි.

මොහොමඩ් සහ්රාන් යන අය 2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පවත්වනු ලැබූ අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරකට මෙම සැකකරු සභාගී වූ බවට දුරකතන දත්ත වාර්තා මගින් අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More