දේශීය පුවත්

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසන්නේ ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගතකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “රසල් ඇලෝසියස් ස්මිත්” නමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවය.

අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.

රසල් නමැත්තා මෙතෙක් කිසිදු ආරක්ෂක අංශයක අවධානයට ලක් නොවූ පුද්ගලයකු බවද පොලීසිය පවසයි.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ, රසල් නමැත්තාගේ මුදල් ගනුදෙනු සහ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බවය.

මෙම ව්‍යාපාරිකයා ඩුබායිහි සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන රසල් නමැත්තාගේ මුදල් පරිපාලනය, උන්ඩියල් කටයුතු සිදුකිරීම මෙන්ම සංවිධානාත්මක අපරාධ කටයුතු සඳහා ආධාර අනුබල දෙන ප්‍රබලම සාමාජිකයා බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.

රසල් නමැත්තා ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසුවන රත්මලාන කුඩු අංජු නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමට පෙර එම ජාවාරමේ යෙදුණු අයෙක් බවට ද මේ වනවිට අනාවරණය වී ඇත.

එම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ ඉකුත් 19 වනදා මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් නවත්වා එහි සිටි පුද්ගලයෙකු ශරීර පරීක්ෂාවට ලක් කිරීමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පළායෑමට තැත් කිරීමේ සිද්ධියෙන් පසුවය.

එහිදී පළායෑමට තැත් කළ සැකකරු සතුව තිබූ අන්සතු මෝටර් රථයක ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය ඔස්සේ සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී තිබේ.

එදින ගිනිඅවිය සමග අත්අඩංගුවට ගත් හාලිඇල 05 කනුව පදිංචි නලින් සම්පත් පතිරණ නමැත්තාගෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සිදුකිරීමට සැලසුම් කරතිබූ ද්විත්ව ඝාතනයක් සහ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ කරගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් නලින් සම්පත් නමැත්තා හාලිඇල අධිකරණයට ගිනිතබා විනාශ කිරීමේ ප්‍රධාන සැකකරු වන බවද පොලීසිය කියයි.

ඩුබායිහි සැඟව සිටින රසල් නමැත්තා, අත්අඩංගුවට ගත් රත්මලාන ව්‍යාපාරිකයා මාර්ගයෙන් මුල්ලේරියාව පොලීසියේ අත්අඩංගුවේ පසුවන සම්පත් නමැත්තා සහ නාවික හමුදාවෙන් පළා ආ සෙබළෙක් වෙත ගිනිඅවි දෙකක් එවා තිබේ.

පොලීසිය පැවසුවේ, එහිදී මත්ද්‍රව්‍ය නඩුවක ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටින මැගසින් පාරේ ඩිලා හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී තිබු බවය.

එම ගිනිඅවි දෙක ඔවුන් සතුකරන අවස්ථාවේදී රත්මලාන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය වැරදීමකින් සැකකරුවන් වෙතයෑම හේතුවෙන් ඩුබායිහි සැඟව සිටින රසල්ගේ තොරතුරු අනාවරණයවීම සිදුවූ බව පොලීසිය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More