නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර, උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් සකස් කළ යුතු බවට පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
උතුරු නැගෙනහිර වැදගත් නටබුන් ඇති ස්ථාන ශික්‍ෂුන් වහන්සේලා තනි තනිව අයිතිය වෙනුවෙන් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් ගැටලු ඇති වන බවත් එම ලිපියෙන් උන්වහන්සේ පැහැදිලිකර දී ඇති බව සඳහන්ය.
හිතුමනාපයට කටයුතු කිරීමෙන් පුරා වස්තු විනාශ වනවාක් මෙන්ම භික්‍ෂූන් වහන්සේ අතර විරුද්ධවාදීකම් ඇති වන බව පවසන එල්ලාවල මෙධානන්ද නාහිමියෝ එම ස්ථාන මහානායක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම සහ නියාමනය ඇති පාලනයක් ඇති කළ යුතු බවද සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...