මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධී පනතේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී .එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහා පරිමාණයේ වංචාවක් දූෂණයක් කෙරුණු අවස්ථාවක ඒ මුදල ආයෝජනය කරන්නේ විදේශ බැංකුවල බවද එම මුදල් නැවත රටට ලබාගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවය බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
එය ලංකාවට හුදෙකලාව කරන්න නොහැකි බව ද ජාත්‍යන්තර ආයතන සමග ඒ සඳහා අත්වැල් බැඳගත යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධිතව ස්ටාර් නම් ආයතනය ස්ථාපිත කර තිබෙන අතර දූෂණ වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට ද ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...