දේශීය පුවත්

යූ ටියුබ් නරඹා ගිනි අවි නිපදවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීතදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැව්රිදි පුද්ගලයන් දෙදෙනකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බවත් පොලිසිය කීය.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක් , ටී 56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් විසින් මීට පෙරද ගිනි අවි නිෂ්පාදනය කර වෙනත් පුද්ගලයන්ට ලබා දී තිබේද හා ගිනි අවි භාවිත කරමින් අපරාධ සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

කෙසේ වෙතත්, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ වාහන හා යතුරු පැදි වෙළඳසලක් ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අයෙක් බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More