දේශීය පුවත්

හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඊයේ රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මේ අතර, කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී ද අද(21)උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තා බව ද පොලීසිය කියයි.

ඔහු සිය නිවසේ සිටින විටදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.

මෙය පාතාල කණ්ඩායම් දෙකක විරසකයක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැකකරයි.

තවත් වෙඩි තැබීමක් කොට්ටාව ප්‍රෙද්ශයේ දී සිදු වී තිබේ. කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටදී අද( 21) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා කොළඹ ලංකා රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු උදෑසන 8 ට පමණ කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි රුධිර පරීක්ෂණ ආයතනයෙන් දෛනික සේවය ආරම්භ කිරීමට පැමිණ සිටියදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල කරුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More