දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව ආරක්ෂක අංශවලට තොරතුරු ලබාදුන් ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාවේ සිට සැලසුම් සකස් කළ බව කියන සැකකරුවෙකු නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 20) නියෝග කළේ ය.

සෙල්ව පාක්කියන් සුදාකරන් නමැති මුත්තූර් ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව ත්‍රිකුණාමලයේ හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන ඉලෙක්කියන් මාස්ටර් නමැති පුද්ගලයෙකු සමග මෙම සැකකාර පුද්ගලයා 2019 වසරේදී ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

මෙරට යුද්ධ ගැටුම් පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දුන් ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා ඉලෙක්කියන් මාස්ටර් නමැත්තාට අවශ්‍යතාවක් තිබී ඇති බව ත් ඒ අනුව ඔහු සමග ඉන්දියාවට ගොස් සිටි සෙල්වර් පාක්කියන් සුදාකරන් නමැති සැකකරු හරහා ඔහු එම සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබී ඇති බවට ද එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට පැවසීය.

ඒ අනුව, ඉලෙක්කියන් මාස්ටර් නමැත්තා සමග ඉන්දියාවේ රැඳී සිටි සැකකාර සෙල්ව පාක්කියන් සුදාකරන් නමැත්තා දුරකතන ඇමැතුම් හරහා ඔහු දන්නා හඳුනන මෙරට රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකුට හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු මෙම සැලසුම සඳහා සම්බන්ධ කරගෙන ඇති බවට කරුණු අනාවරණය කරගත් බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

යුද්ධ ගැටුම් පැවැති කාලයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව තොරතුරු ලබා දුන් ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා උතුරුකරයේ වළ දමා තිබෙන බෝම්බ ඇතුළු අවි ආයුධ යොදා ගන්නා ලෙස එම සිවු දෙනාට දැනුම් දෙන ලෙස ඉලෙක්කියන් මාස්ටර් නමැත්තා සැකකාර සෙල්වර් පාක්කියන් සුදාකරන් නමැත්තාට දැනුම් දී ඇති බව ද ඒ අනුව සුදාකරන් ඒ බව එම සිවු දෙනාට දුරකතන මගින් දැනුම් දී ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම සැලසුම සම්බන්ධයෙන් ඔත්තුකරුවෙකු මගින් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව ඉහත සඳහන් සැකකරුවන් දෙදෙනා හා සැකකාරියන් දෙදෙනා බෝම්බ කිහිපයක් හා පිස්තෝල 3ක් සමග අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැලසුම පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත් බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

– මව්බිම –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More