දේශීය පුවත්

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

එහි සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවය.

“ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව අද දිනයේ දහවල් 1ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේ දැවැන්ත විරෝධතා වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුවක් පවත්වනවා. මේකට ප්‍රධාන හේතුව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරලා පෞද්ගලික සමාගම් 15කට විකුණන්න ආණ්ඩුව සුදානම් කරලා තිබෙනවා. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමට මුවාවෙලා ලංකා විදුලිබල මණ්ඩලය වගේ දැවැන්තයෙක් ජාතික ආරක්ෂාව ගැන නොතකා විදේශ සමාගම් අතට පත්කිරීම බරපතළ තත්ත්වයක්. ඒ පනතේ අන්තර්ගතය සමග විශේෂයෙන්ම අපි අවශ්‍ය වුණොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කරගැනීමට නියමිතයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More