කොරියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය ඊයේ දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවී ඇතැයි වාර්තා වේ.
ඒ් නිසා එම ශ්‍රමිකයින් කණ්ඩායම ඊයේ දිනයේදී කොරියාව බලා පිටත් කරයැවීමට නොහැකිවී තිබේ.
කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාදවීම නිසා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීම බරපතළ ගැටලුවක් බවට පත්වී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
කොරියානු රැකියා සඳහා පිටත්වී යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කරයැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබුණි.
නමුත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් ඊයේ දිනයේදී කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...