ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තියට අනුව රට දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට ඇද වැටෙමින් පවතින බවත්, තවත් වසරක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙලෙස රට පාලනය කලොත් මාලිමාවේ ආණ්ඩුවක් බලයට පැමිණියත් රට ගොඩ නැගීමට අපහසු වන බවත් ජාතික ජන බලවේගය විධායක කමිටු සාමාජික හිටපු පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් හා පැවැති සංවාදයක දී ඔහු මේ බව පවසා තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා රට තවත් ප්‍රපාතයටම ඇද දැමූ පසු ආණ්ඩු බලයක් ලැබුණත් ජාතික ජන බලවේගය රට භාරගැනීමට සූදානම් නැති බවත්, ඊට පෙර රටේ ජනතාව මාලිමාවට බලය ලබා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළ රට නැවත ගොඩ ගැනීමට නොහැකි අවස්ථාවක රට භාර ගතහොත් රටේ මිනිස්සු මාලිමාවේ සාමාජිකයන්ටද පහරදෙනු ඇති බවත් හේවගේ මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...