පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විසවී දරුවන් රැසක් මියගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
මේ එන්නත් ඉවත් කරන්නේ යැයි පැවසුවත් තවමත් ඒවා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තා වන බවත් විපක්ෂ නායකවරයා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
“පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වෙලා දරුවෝ දෙන්නෙක් මියගිහින් තියෙනවා. මීට කලිනුත් මරණ කීපයක් සිද්ධ වුණා. මේ විෂ සහිත එන්නත් ඉවත් කරනවා කියලා අපට කියලා තියෙනවා. ඒත් තවමත් ඒවා පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය. මේ ගැන විමර්ශන කරලා පැහැදිලි පිළිතුරක් දෙන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...