දේශීය පුවත්

කියෙව් හමුදාවන්ට වසරක් තිස්සේ ආයුධ සහ පතොරම් සැපයීමෙන් හිස් වූ තොග නැවත පිරවීම සඳහා නේටෝවට “වඩා ශක්තිමත්” යුද කර්මාන්තයක් අවශ්‍ය බව NATO සංධානයේ ප්‍රධාන ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඊයේ (19 ) ජර්මනියේදි පැවැති කාර්මික සමුළුවකදී පැවසීය.

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සංධානය 2014 සිට පවත්වාගෙන ආ පරිදි “යුක්රේනයට දිගටම සහාය දිය යුතුය”, ජර්මානු කර්මාන්ත සම්මේලනය ((Federation of German Industries-BDI) විසින් සත්කාරකත්වය සපයන ලද බර්ලිනයේ කර්මාන්ත දිනයේ දී ස්ටෝල්ටන්බර්ග් අවධාරණය කළේය.

“අපට වඩාත් ශක්තිමත් ආරක්ෂක කර්මාන්තයක් ද අවශ්‍යයි,” ප්‍රධාන ලේකම්වරයා තර්ක කළේය.“ජර්මනියේ පමණක් නොව, නේටෝවට අයත් බොහෝ රටවල අපගේ ආයුධ සහ පතොරම් තොග ගබඩා වල අවසන් වී ඇති අතර ඒවා නැවත පිරවිය යුතුයි.”

ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පසුගිය සතියේ යුරෝපයේ මිලිටරි කර්මාන්තයේ යෙදී සිටින නියෝජිතයන් හමු වූ අතර, නිෂ්පාදන ඉහළ නැංවීම සහ සැපයුම් දාමයන් විධිමත් කිරීම සඳහා හොඳම ආකාරය ගැන සාකච්ඡා කළේය. එහිදී එම කර්මාන්තකරුවන් අමතමින්”යුක්රේනය සඳහා අපගේ සහයෝගය පවත්වා ගැනීම සඳහා ඇති එකම යතුර”මෙය බවද පැවසීය.

ස්ටෝල්ටන්බර්ග් ඔහු ඉදිරිපත් කළ තර්කය පුනරුච්චාරණය කරමින් යුක්‍රේනය යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පමණක් යුක්ති සහගත සහ කල්පවත්නා සාමයක් ඇති කළ හැකි බව අවධාරණය කළේය. කෙසේ වුවද කියෙව් හමුදා පසුගිය සතිය පුරා දකුණු පෙරමුණේ මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති අතර, මිනිස් බලය මෙන්ම බටහිරයන් විසින් සපයන ලද අවි ආයුධ ද විශාල වශයෙන් අහිමි කර ගැනීමට එම ප්‍රහාර හේතු පාදක විය.

පසුගිය වසරේ යුක්‍රේන රුසියා ගැටුම උත්සන්න වීමෙන් පසු එක්සත් ජනපදය සහ එහි සහචරයින් කියෙව් වෙත ඩොලර් බිලියන 100කට වඩා වටිනා ආයුධ, උපකරණ සහ පතොරම් යවා ඇත.කෙසේ වුවද ඔවුන් අවධාරණය කරන්නේ ඇත්ත වශයෙන්ම ඔවුන් රුසියාව සමඟ සතුරුකම්වල පාර්ශවකරුවෙකු නොවන බවයි.

මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් බටහිර රටවල් ආයුධ බෙදා හැරීමට පමණක් නොව එක්සත් රාජධානියේ, ජර්මනියේ, ඉතාලියේ සහ වෙනත් තැන්වල යුක්‍රේන හමුදා පුහුණු කිරීමෙන් සෘජුවම සම්බන්ධ බවට චෝදනා කළේය.

කෙසේ වුවද කියෙව් හමුදා පැමිණිලි කර ඇත්තේ බොහෝ ආයුධ ඉතා දුර්වල තත්ත්වයේ පවතින බැවින් ඒවා අමතර කොටස් වලට ගැලවීමට පමණක් භාවිතා කළ හැකි බවයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව අවම වශයෙන් යුක්රේනයේ යුද අවි වලින් තුනෙන් එකක් ඕනෑම වේලාවක අලුත්වැඩියාවට ලක් වෙමින් පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More