ඓතිහාසික දික්වැල්ල වැවුරුකන්නල බුදු රාජ මහා විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (ජූනි 19) කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඊයේ වන විට වැවුරුකන්නල විහාරස්ථානයේ විදුලි බිල රුපියල් දසලක්ෂ පනස්හතර දහස් එකසිය දහඅටක් වී තිබූ බව ද වාර්තා වේ.
මෙය පූජා නගරයක් ලෙස 1988 වර්ෂයේ නම් කිරීමත් සමග මෙම විහාරස්ථානය සඳහා විදුලි බිල සහනය ලබා දී ඇති අතර පසුගිය දා විදුලි බිල් වැඩි කිරීමත් සමග විහාරස්ථානයේ මෙලෙස අධික විදුලි බිලක් එකතු විය.
මෙම විහාරස්ථානයට දිවයිනේ නන් දෙසින් දේශීය විදේශීය බැතිමතුන් පැමිණෙන අතර ඓතිහාසික වටිනාකමකින් ද යුතු විහාරස්ථානයකි.
එමෙන් ම, සමාජ මෙහෙවරක් ලෙස මෙම විහාරස්ථානය මගින් පිරිවෙන් දෙකක් පවත්වාගෙන යන අතර විහාරස්ථානය මගින් පාසලක් ද පවත්වාගෙන යයි.
ආගමික, ශාසනික සහ සමාජීය මෙහෙවර රාශියක් සිදු කරන මෙම විහාරස්ථානය ඊයේ දින සිට විදුලි බලය නොමැති වීමෙන් අන්ධකාරයේ පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...