කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් එහි සඳහන් වේ.
ජනාධිපතිවරයා විදෙස් සංචාරයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවකදී තවත් අමාත්‍ය ධුර පිරිනැමීම නුසුදුසු නමුත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත අකැමැත්තෙන් වුවද මෙම අමාත්‍ය ධුර හය දීමට සිදුවී ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...