දේශීය පුවත්

හිටපු ආයුර්වේද කොමසාරිස්වරයෙකු හා මානව හිමිකම් කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ දේශීය වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ශෝකය පළ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ශෝක පණිඩුඩයක් නිකුත් කරමින් පවසන්නේ දේශීය ආයුර්වේදය විධිමත්ව ස්ථාපිත කිරීමට වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා විශාල දායකත්වයක් සැපයූ බවයි.

අදාළ පණිවුඩය පහළින්…

ශෝක පණිවුඩයයි

හිටපු ආයුර්වේද කොමසාරිස්වරයෙකු හා මානව හිමිකම් කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ දේශීය වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අභාවය පිරිමැසිය නොහැකි විසල් හිඩැසකි.

ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම මානව හිමිකම් සුරක්ෂා කිරීම උදෙසා සටන්කාමීවුත්, පුරෝගාමීවූත් මෙහෙවරක නිරත වූ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා වර්තමානය දක්වාම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් හා ‍ප්‍රගතිශීලි සටන්වල මුල් පෙළේ ක්‍රියාකාරිකයෙක් වූවේය.

විධිමත් අධ්‍යාපන පහසුකම් යටතේ රාජගිරිය ආයුර්වේද වෛද්‍ය පිඨයේ කටයුතු පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් ඇරඹි සිසු සටනට දේශීය වෛද්‍ය සිසුවෙක් ලෙස ඒ මහතා දුන් නායකත්වය මේ මොහොතේ සිහිපත් කළ යුතුමය. ආයුර්වේද පීඨයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා පසු කලෙක ඉවහල් වූයේද වර්තමානයේ රාජගිරියේ සහ ගම්පහ යක්කල ආයුර්වේද උපාධි අපේක්ෂකයින්ට විධිමත් පහසුකම් හිමිවූයේද එම ඓතිහාසික සටනේ ජයග්‍රාහී ප්‍රතිඵල ලෙසයි.

එතෙකින් නොනැවතුනු ඔහු කම්කරු අයිතීන් වෙනුවෙන් හා කම්කරුවන් රැකගැනීම වෙනුවෙන් අභීතව පෙනී සිටියේය. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයෙකු ලෙස ද මියයන තෙක්ම සිය සේවය ලබා දී ඇත.

ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පත් ඥාති හිතමිත්‍රාදීන්, සහෝදර දහෝදරයින් ඇතුළු සහසම්බන්ධිත සැමට සොව පළ කරමු.

වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාට නිවන් සුව පතමි.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 ජුනි මස 19



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More