දේශීය පුවත්

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප්, හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් විකුණා දැමීමට නියමිත බව පැවසේ.

එහි වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ වන බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බවත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා සඳහන් කර ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට යාබඳව පිහිටා තිබෙන ඉහළ නාගරික වටිනාකමකින් යුත් අක්කර 17 රූට් 2 පර්චස් 17ක වපසරියකින් යුක්ත ඉඩමක් මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කර තිබේ.

රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු අඩපණව පැවතීම නිසා ආයතන වෙත ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බවත් ලබාගැනීමට හැකි වු මුදලින් මේ ආකාරයට වැටුපෙන් කොටසක් ගෙවීමට පියවර ගත් බවත් සභාපතිවරයා සඳහන් කර ඇත.

සිය කැමැත්තෙන් විශ්‍රාම යෑමට සුදානමින් සිටින සේවකයින් 1,100කට ගෙවීම සඳහා පමණක් රුපියල් මිලියන 2,600ක් පමණ අවශ්‍ය වන බව ද සඳහන් කළ සභාපතිවරයා ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ මහා පරිමාණයෙන් මුල්‍ය අක්‍රමිකතා සිදුවීම හා යහපාලන ආණ්ඩුව කාලයේ දී සීමාව ඉක්මවු සේවකයින් බඳවාගෙන තිබීම ද මෙම ආයතන පවත්වාගෙන යෑමට ගැටලුවක් බව ද ඔහු පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More