අධික ලාභ ලැබීමේ අරමුණින් දේශීය ව්‍යාපාරිකයන් විසින් මිරිස් කුඩුවලට පිටි, ලුණු හා වර්ණක යොදා අලෙවි කිරීමත්, සුදු සීනි රතු සීනි බවට පත් කිරීම සඳහා වර්ණක උපරිමයටත් වඩා යොදාගනිමින් අලෙවි කිරීමත් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා පවසයි.
මේ අනුව වෙළෙඳපළේ දැනට අලෙවි වන මිරිස් කුඩුවලින් සියයට 40 ක හා රතු සීනිවලින් සියයට 40-50 අතර ප්‍රමාණයක ඉහත සඳහන් කළ පරිදි ව්‍යාජ රසකාරක හා පිළිකාවලට පවා හේතු විය හැකි අහිතකර ඩයි ඇතුළු වර්ණක අඩංගු බව අනාවරණය වී ඇති බව ඔහු පවසයි.
ආපනශාලා හා හෝටල්වල කෙටි ආහාර සමග අනුභව කිරීම සඳහා ලබා දෙන කේටරින් තක්කාලි සෝස්වල බොහෝ විට තක්කාලි අඩංගු නොවන බවත් ඒවායේ ඇත්තේ අධික ලුණු, පිටි හා දීප්තිමත් වර්ණක පමණක් බවත් කුමාර මහතා සඳහන් කරයි.
මෙම ව්‍යාජ රසකාරක හා වර්ණක යෙදූ මිරිස් කුඩු, රතු සීනි හා තක්කාලි සෝස් වර්ග පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් පසු විය යුතු බව ද ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...