ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් තුනකට විකිණීම සම්බන්ධයෙන් පෙර සම්මත කර ගත් ප්‍රධාන කොන්දේසි තුනෙන් දෙකක් ඉවත් කර නැවත කැබිනට් මණ්ඩල සන්දේශයක් සම්මත කර ගැනීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටයුතු කොට ඇතැයි වාර්තා වේ.
මේ වසරේ මාර්තු 27 වන දා සම්මත කරන ලද කැබිනට් සන්දේශයට අනුව ඉන්ධන වෙළෙඳපොළට හඳුන්වා දෙන නව සමාගම් තුන තෙල් අලෙවියෙන් ලබන ආදායම වසරක් යනතුරු එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් විදේශ මුදලකට පරිවර්තනය කිරීමට නොහැකි සේ තිබිණි.
කෙසේ නමුත්, විෂය භාර අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි 19 වන දා ඉදිරිපත් කරන ලද අංක 17/2023 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට ඉකුත් 6 අනුමැතිය ලබා ගනිමින් එකී කොන්දේසි ඉවත් කොට ආදායම කිසිදු සීමාවකින් තොරව විදේශ මුදල්වලට වහා ම පරිවර්තනය කිරීමට ඉඩ ලබා දී ඇති බව සඳහන් වේ.
එසේ ම, මීට පෙර සම්මත කරගෙන තිබූ තෝරාගත් සැපැයුම්කරුවන් විසින් පුරස්කාර ගාස්තුවක් ලෙස මාසිකව ආනයනය කරනු ලැබූ ඛනිජ තෙල් නිෂ්පාදනයන්හි මුළු මාසික විකුණුම් වටිනාකමෙන් සියයට 1ක මුදලක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය හෝ එහි නම් කරන ලද ආයතනයකට ගෙවිය යුතු බවට වූ නියමය ද මෙහිදී දෙවැනි සංශෝධනය ලෙස ඉවත් කොට තිබේ.
මෙරට තුළ ඉන්ධන අලෙවිය සඳහා චීනයේ සයිනොපෙක් සමාගමට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට හා ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගමට අවසර හිමිව ඇත.
– මව්බිම –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...