දේශීය පුවත්

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගා සිටුවීම සඳහා මෙහෙයුම් දියත් කළ පුද්ගලයන් 13 දෙනකුට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය බ්‍රහස්පතින්දා (15දා) කටයුතු කර තිබිණි.

මෙයින් දස දෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර තිදෙනෙක් ඉන්දියානුවෝ වෙති.

ජාතික විමර්ශන ඒජන්සිය විසින් දෙමළ බෙදුම්වාදී ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීමේ උත්සාහයට අදාළ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළෙඳාම පිළිබඳ විමර්ශනයට අදාළව මෙම 13 දෙනාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

පාකිස්තාන මත්ද්‍රව්‍ය සහ අවි සැපයුම්කරු හාජි සලීම් සමඟ එක්ව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය බව කියන ශ්‍රී ලාංකික ජාතිකයන් වන සී ගුණසේකරන් හෙවත් ගුණා සහ පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා ඇතුළු ශ්‍රී ලාංකියකයන් දස දෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.

මීට අමතරව එම්. සෙල්වකුමාර්, විග්නේෂ්වර පෙරුමාල් හෙවත් විකී සහ අයියපන් නන්දු යන ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු ද එම චෝදනා පත්‍රයේ නම් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More