දේශීය පුවත්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන ඖෂධ වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලුවක් පැන නගින බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් විදුහල්පතිනියක් මියගොස් ඇති බවය.

මෙම නිර්වින්දන ඖෂධය ලබාදීම හේතුවෙන් පසු ගිය 16 වනදා මෙම විදුහල්පතිනිය මියගිය බවත් එලෙස මියගිය දෙවන රෝගියා ඇය බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඔහු පවසන්නේ එම මරණයට හේතුවී ඇත්තේ ඖෂධ සංකූලතාවයක් බව පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇති බැවින් අදාළ නිර්වින්දන ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදුන් ජාතික ඖෂධ නියාමන අධිකාරි මේ සඳහා වගකිව යුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More