බුද්ධ ශාසනයට යම් බලපෑමක් එල්ල වෙමින් පවතින බවත්, එය දීර්ඝ කාලයක සිට එල්ල වෙන බලපෑමක් බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
කෙතරම් බලපෑම් එල්ල වුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව වැඩකටයුතු කළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වමිනි.
එම ප්‍රකාශයට පිළිතුරු දුන් විදුර වික්‍රමනායක මහතා,
“බෞද්ධ ධර්මයට වේවා, සාසනයට වේවා යම් අභියෝගයක් එල්ල වෙන බව පේනවා. මේ අභියෝගය අද ඊයේ නෙමෙයි සෑහෙන කාලයක් පුරා නිර්මාණය වුණ එකක්. ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම ගහනවා අපේ හාමුදුරුවනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව කටයුතු කළ යුතුයි කියන මට හිතෙන්නේ… හැබැයි ඒක නිවටකමක් නෙමෙයි. අපි කළ යුතු දේ කළ යුතුයි. අපේ රටේ නීතියක් තියෙනවා. අපි ඒ නීතියට අවනත වෙන්න ඕනේ. බුද්ධ නීතිය එකපැත්තකින් තියෙන අතරතුර රාජ නීතිය තව පැත්තකින් තියෙනවා. මේ දෙකටම අනුගත වෙමින් කටයුතු කළ යුතුයි. අපි ඒකට අනුගත වෙද්දි සමහරු හිතනවා නිවටකම කියලා. නෑ. කළ යුතු දේ වෙලාවට අපි කරනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...