විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු පිළිබඳ වාර්තා වේ.
ඔහු විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව ඇති බවත්, ඔහුගේ මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ නිලධාරීන් හා සේවකයන් දැඩි අප්‍රසාදය පළකර ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක්ම පැමිණෙන අතර ඒ පැමිණෙන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබා ගන්නා බව දැනගන්නට ඇත.
රජයේ ඉහළ ප්‍රධානියකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්ව ඇතත් මැති ඇමැතිවරුන් රැසක්ද ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළකර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...