වර්තමාන ආණ්ඩුව මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප්‍රනාන්දු යන ත්‍රිත්වය බවත් අධිකරණ නියෝග, කඳුළු ගෑස්, ජල ප්‍රහාර ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
හම්බන්තොටදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියේය.
“ඇත්තටම මේ ආණ්ඩුව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ ඔය රත්න්ප්‍රිය මහත්තයයඉ, ගාමිණි වියන්ගොඩ මහත්තයයි, නෙවිල් ප්‍රනාන්දු මහත්තයි තමයි මේ ආණ්ඩුවේ ත්‍රෛනිකායික මහනායක හාමුදුරුවෝ විදියට සලකන්නේ. ආනන්තරීය පාප කර්ම තියනවා, එයින් එකක් තමයි සංඝ භේදය. ආණ්ඩුව සැළසුම් සහගතව පූජනීය මහා සංඝයා භේද භින්න කිරීම සඳහා යම් කුමන්ත්‍රණයක් දියත් කරලා තියනවා. එතුමන්ලාගෙන් එලියට පැන්නේ ඒක. අනිත් පැත්තෙන් අධිකරණ නියෝග, කඳුළු ගෑස්, ජල ප්‍රහාර මේ තමයි මේ ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය. නමුත් ආණ්ඩුව ඉතාම සැළසුම් සහගතව යම් කුමන්ත්‍රණයක් දියත් කරලා තියනවා. අපි ඒකට පුදුම වෙන්නේ නෑ. මේ යන්නේ කොතෙනටද ආණ්ඩුව ඒනිසා ඔය කැඋරු මොනවා කිව්වත් මේ රටේ භූමියේ නිදහස වෙනුවෙන් ඒ ගෙනියන අරගලය කදුළු ගෑස් වලින් ජල ප්‍රහාර වලින් නතර කරන්න විදියක් නෑ,”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...